වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනට විරෝධය පාමින් කළුබෝවිල රෝහල් සහයක කාර්ය මණ්ඩලය විරෝධතාවයක

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පසුගිය දා ප්‍රසිද්ධ රූපවාහිනී නාලිකාවක කරන ලද ප්‍රකාශ කිහිපයකට විරෝධයපාමින් කළුබෝවිල දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ රෝහල් සහයක කාර්ය මණ්ඩලයට සම්බන්ධ වෘත්තිය සමිති එක්ව විරෝධතාවයක් අද (26) රෝහල් පරිශ්‍රය ඉදිරිපිට පැවැත්විය.

රාජ්‍ය සේවකයන් රටට බරක් යැයි පවසමින් සෞඛ්‍ය සේවා පෞද්ගලීකරණය කළ යුතු බවටත් රජයේ රෝහල්වලට රෝහල් සහයක කාර්ය මණ්ඩලයක් අවශ්‍ය නොවන බවටත් වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා අදාළ පෞද්ගලික නාලිකාවේ වැඩසටහනකට සහභාගි වෙමින් ප්‍රකාශ කර සිටි බවත් එලෙස කරන ලද ප්‍රකාශයන් ඉතා බරපතල ප්‍රකාශයන් වීම හේතුවෙන් එම ප්‍රකාශයන් ඉල්ලා අස් කරගත යුතු බවට ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ටැම්පිටියේ සුගතානන්ද හිමි විරෝධතාවයට සහභාගී වෙමින් මාධ්‍යයට පවසා සිටියහ.

එසේ නොකලහොත් ලබන සදුදා සිට රෝහලේ සියලු වෘත්තීය සමිති අඛණ්ඩව වෘත්තිය ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් බවද උන්වහන්සේ වැඩිදුරටත් පැවසීය.

ජායාරූප

රෝහල් සහයක කාර්ය මණ්ඩලයට සම්බන්ධ වෘත්තිය සමිති එක්ව විරෝධතාවය දැක්වු ආකාරය

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?