වෛද්‍ය ජනක සේනාරත්නට කාරක සභාවක සභාපතිකමක්

විද්‍යා, තාක්ෂණය සහ ඩිජිටල් පරිණාමනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ධුරයට ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය ජනක සේනාරත්න මහතා තේරී පත් වුණා.
 
අද (27) පාර්ලිමේන්තුවේ පැවති දසවැනි පාර්ලිමේන්තුවට අදාළ එම ආංශික අධීක්ෂණ කාරක සභාවේ පළමු රැස්වීමේ දී මෙම තෝරා පත් කරගැනීම සිදු වූ බව පාර්ලිමේන්තු සන්නිවේදන පියස නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා.

දසවැනි පාර්ලිමේන්තුව සඳහා ස්ථාපිත ආංශික අධීක්ෂණ කාරක සභා 7 අතුරින් ආණ්ඩු පාර්ශවය වෙත හිමි සභාපති ධුර 4ට අයත් මෙම ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ධුරය සඳහා වෛද්‍ය ජනක සේනාරත්න මහතාගේ නම කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය
චතුරංග අබේසිංහ මහතා විසින් යෝජනා කරන ලදුව පාර්ලිමේන්තු මන්ත්‍රිනී නීතිඥ හසාරා ලියනගේ මහත්මිය විසින් ස්ථිර කරනු ලැබුවා.

මෙම කාරක සභා රැස්වීමේදී, 2025.06.03 වැනි දින දෙවැනිවර කියවීමට නියමිත පෞද්ගලික දත්ත ආරක්ෂණ (සංශෝධන) කෙටුම්පත සලකා බැලීමෙන් අනතුරුව එයට අනුමතිය හිමිවුණා.

ඒ අනුව, ජුනි මස 03 වැනි අඟහැරුවාදා පෞද්ගලික දත්ත ආරක්ෂණ (සංශෝධන) කෙටුම්පතට අදාළව දෙවැනිවර කියවීමේ විවාදය පැවැත්වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?