වෛද්‍යවරියක් දූෂණය කිරීමේ සිද්ධියක් ගැන විමර්ශන ඇරඹෙයි

අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියක් ව නාඳුනන පුද්ගලයෙකු විසින් පිහියක් පෙන්වා තර්ජනය කර ඇය ව ලිංගික හිංසනයට ලක් කර ඇති බවට තොරතුරු වාර්තා වනවා.

මෙම සිදුවීම ඊයේ (10) පස්වරු 6.30-7ත් අතර කාලයේ දී සිදු ව ඇති බවයි දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

සිද්ධියට මුහුණ පෑ වෛද්‍යවරිය 32 හැවිරිදි වියෙහි පසුවන්නියක් බව ද වාර්තා වනවා.

ඇය දිනයේ රාජකාරී කටයුතු අවසන් කර වෛද්‍යවරුන්ට රජය විසින් ලබාදෙනු ලැබූ නේවාසිකාගාරයට ගොස් ඇති අතර එහිදී ඇය මෙම හිංසනයට ලක් ව ඇති බවයි දැනගන්නට ලැබෙන්නේ.

කෙසේවෙතත් මෙම සිදුවීම සම්බන්ධයෙන් අනුරාධපුර පොලිස් ස්ථානය විමර්ශනයක් ආරම්භ කර ඇති බව ද දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවා.

මෙම සිදුවීම පිළිබඳ ව පොලිස් මාධ්‍ය කොට්ඨාසයෙන් කළ විමසීමක දී එහි සිටින උසස් පොලිස් නිලධාරිණියක් පැවසුවේ එවන් සිදුවීමක් වාර්තා වී ඇති බවත් මෙතෙක් ඒ ගැන සම්පූර්ණ කරුණු කිසිවක් නොලැබී ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
5
+1
0
+1
2
+1
36
+1
2
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයේ එදා අනතුරු ඇගවීම අද ඇත්තක් වෙලා..තෙල් සමාගම් 3ක් තෙල් ලබාදීම සීමා කරලා තියෙන්නේ
03:05
Video thumbnail
"වැඩමවා වදාළ වනචාරී මහා සංඝරත්නයෙන් අවසරයි"මිහින්තලේ හිමි බණ කියන්න අවසර ගත් හැටි
02:46
Video thumbnail
හතරවටින්ම වේගපන්දු ක්‍රීඩකයන් සොයන මාලිංග..සනත්, ධම්මික ඇතුළු ප්‍රබලයින් සෙට් එකක්ම ඇවිත්
03:21
Video thumbnail
කරවනැල්ල නගරයේ ආයතනයක හදිසියේම ඇතිවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
01:05
Video thumbnail
ඉන්ධන රස දන්නේ JVP කාරයෝ තමයි..ඉන්ධන ඉවරවෙන්න අපි කෑවද ඉන්ධන l Asela Sampath
01:24
Video thumbnail
ඉන්ධන සමාගමක් ඩීසල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කරලා ?පොරක් කියලා හිතපු කාංචනගේ කෙරුවාව හෙළිවෙයි
10:53
Video thumbnail
Kasthirama | “ ගෝලීය අර්බුද පෙනෙන මානයක - රටේ දේශපාලනය “තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:19:06
Video thumbnail
මේ අවස්ථාවට විතරක් පරණ ක්‍රමයට පළාත් පාලන ඡන්දය කරන්න බැරි ඇයි ?..මේක සිල්ලර දෙයක් නෙවෙයි..
06:40
Video thumbnail
මිල වැඩි කරන කූඨ වෙළෙඳුන්ට වැඩ වරදියි..උත්සව සමයේ සහල් ඉල්ලුමට සරිලන සැපයුමක්
04:25
Video thumbnail
වසර 09ක් තිස්සේ ජනතාවට ලැබිය යුතු අයිතිවාසිකම ලැබිලා නෑ..පළාත් සභා ඡන්දය තියන්න
02:29