දේශපාලන බලය භාවිතා කරමින් වෛද්‍යවරයෙකුට බැන තර්ජනය කළ බව කියන අයෙකුව කල්පිටිය පොලීසියේ නිලධාරීන් විසින් 23 වැනිදා දහවල් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගෙන ඇති සැකකරු කල්පිටිය – මුදලප්පාලි පදිංචිකරුවෙකි.ඔහු පුත්තලම දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ කල්පිටිය කොට්ඨාස සංවිධායකවරයා ලෙස කටයුතු කරන බව පැවසේ.තවද මෙම සැකකරු පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයට ස්වාධීන අපේක්ෂකයෙකු ලෙසද තරග කර ඇති අයෙකු බවද පොලීසිය අනාවරණය කර ගෙන ඇත.
කල්පිටිය දිසා රෝහලේ දිසා වෛද්‍ය නිලධාරීවරයා විසින් කල්පිටිය නගරය තුළ පවත්වා ගෙන යන පුද්ගලික ප්‍රතිකාර මධ්‍යස්ථානයකට බලහත්කාරයෙන් කඩා වැදී එම වෛද්‍යවරයාට බැන තර්ජනය කර ඇති බවට සැකකරුට එරෙහිව පොලීසියට පැමිණිල්ලක් ලැබී ඇත.එම පැමිණිල්ල විමර්ශණය කර ඇති පොලීසිය අයුතු ඇතුළු වීම සහ බැන තර්ජනය කිරීමේ චෝදනාව යටතේ සැකකරුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගෙන ඇති සැකකරුව ලබන 26 වැනිදා පුත්තලම මහේස්ත්‍රාත්වරයා හමුවේ පෙනී සිටින ලෙස නියෝග කරමින් 23 වැනිදා සවස පොලිස් ඇප මත මුදා හැර ඇත.
