වෛද්‍යවරයාගේ බෙහෙත් කමතකින් මතුවුණ හැටි

අනුරාධපුර ශික්ෂණ රෝහලේ සේවයේ නිරත අධිකරණ වෛද්‍යවරයෙකුට අයත් පෞද්ගලික වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානය බිඳ එහි ගබඩා කර තිබූ වේදනා නාශක කරල් 1500 ට වැඩි ප්‍රමාණයක් සොරකම් කළ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව අනුරාධපුර පොලිසිය පවසයි.

අනුරාධපුර මාතලේ හන්දිය ආසන්නයේ පිහිටා ඇති එම වෛද්‍ය මධ්‍යස්ථානයට ඊයේ (21) රාත්‍රීයේ එහි ඉදිරිපස දොර කඩා ඇතුළු වූ පුද්ගලයන් දෙදෙනකු ලක්ෂ තුනකට වැඩි වටිනාකමින් යුතු එම බෙහෙත් තොගය සොරකම් කර ඇති බවට අනුරාධපුර පොලීසියට වෛද්‍යවරයා විසින් පැමිණිල්ලක් දමා තිබුණි.

සිදු කළ පැමිණිල්ලකට අනුව සැකකරුවන් පරික්ෂණ සිදුකල පොලිසිය විසින් අදාල සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගනු ලැබීය.
අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් සිදුකරන ලද ප්‍රශ්න කිරීම්වලදී පූජනීය පෙදෙසේ අතහැර දමා තිබූ කමතක පිදුරු ගොඩක් තුළ මෙම බෙහෙත් තොගය සඟවා තිබියදී සොයා ගත් බවත් එම සැකකරුවන් සන්තකයේ තිබී බෙහෙත් කරල් 1520 ක ප්‍රමාණයක් තිබී හමුවූ බවද අනුරාධපුර පොලීසිය සඳහන් කළේය.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ, අනුරාධපුර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 24 සහ 26 වියේ පසුවන පුද්ගලයන් දෙදෙනෙකු වන අතර ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇතැයිද පොලීසිය වැඩිදුරටත් පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
5
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අන්තරේ සෙට් එක මල්වානේ උයාගෙන කාලා සැපට ඉන්න හැටි..වීඩියෝ සේරම එළියට
02:46
Video thumbnail
ආනයනය කරන හැම වාහනයකටම 50%ක රේගු අධිභාරයක්..මනුස්සයෙක්ට දරන්න බැරි තරම් ගණන් යනවා
08:03
Video thumbnail
"ගමන් ආරම්භ කරපු සැණින් පීලි පැනලා" වනවාසල දී පීලී පැන්න දුම්රිය ගැන ප්‍රබල හෙළිදරව්වක්
06:36
Video thumbnail
ඇමති හදුන්නෙත්තිගේ ඉල්ලීමට අකුරැස්ස රෝහලට පෞද්ගලික පරිත්‍යාග රැසක්.."මෙට්ට ඔක්කොම අයින් කරන්න වෙයි"
04:34
Video thumbnail
කාලගුණය ගැන ජනතාවට විශේෂ දැනුම්දීමක්..බොහෝ ප්‍රදේශවලට අදත් තද වැසි
02:35
Video thumbnail
ගම්පහට ගංවතුර - මෙන්න නවතම තත්ත්වය..බොහෝ ප්‍රදේශ තවමත් ජලයෙන් යටවෙලා
02:26
Video thumbnail
අපිට බොරු පොරොන්දු දුන්නා - පොහොර ගැටලුව නිසා ගොවීන්ට යකා නගියි
05:29
Video thumbnail
සරුවට වැඩුණු ලක්ෂ විස්සකට අධික වටිනාකමකින් යුත් ගංජා අළු කළ මෙහෙයුම
01:28
Video thumbnail
සැවොම බිය ගැන්වූ වනවාසල දුම්රිය පීලි පැනීම..බිහිසුණු අනතුරේ නවතම දර්ශන
01:41
Video thumbnail
අන්තරේ සෙට් එක චිත්‍රපටි බල බල මල්වානේ නිවසේ ගත්ත fun එක කොහොමද ?
01:12