AFC Banner
AFC Banner
Empty Ad

වේවැල්දෙණියේ අනතුරකින් දෙදෙනෙක් ජීවිතක්ෂයට (ඡායාරූප)

වේවැල්දෙණිය තිත්වැල්මංකඩ ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

කොළඹ සිට ත්‍රිකුණාමලය දක්වා ගමන් කරමින් තිබූ ලංගම බස් රථයක වෑන් රථ 3ක් ගැටීමෙන් අනතුර සිදුවී ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

මියගොස් ඇත්තේ වෑන් රථයක ගමන් කළ දෙදෙනෙක්.

වංගුවක් සහිත ස්ථානයකදී තිරිංග අක්‍රීය වූ ලංගම බස් රථය රියදුරාට පාලනය කර ගැනීමට නොහැකිව ඉදිරියෙන් පැමිනි වෑන් රථවල ගැටී ඇතැයි සඳහන්.

අනතුරින් තුවාල ලැබූ තවත් පිරිසක් රෝහල් ගත කර තිබෙනවා. අනතුර සම්බන්ධයෙන් නිට්ටඹුව පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
3
+1
0
+1
2
+1
10
+1
3
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?