වේයන්ගොඩ අවන්හලක් තුළ කැමරා ශිල්පියෙක් ඝාතනය කරලා

වේයන්ගොඩ, කටුගස්ගොඩ ප්‍රදේශයේ අවන්හලක් තුළ ඊයේ (29) රාත්‍රියේ තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ මහේෂ් ගුණතිලක නැමැති 36 හැවිරිදි දෙදරු පියෙක්වන අතර, ඔහු ප්‍රසිද්ධ පෞද්ගලික රූපවාහිනී ආයතනයක කැමරා ශිල්පියෙකු ලෙස සේවය කළ අයෙක්.

තියුණු ආයුධයකින් පහර කෑමට ලක්වූ මෙම පුද්ගලයා වතුපිටිවල රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අවන්හලේ හිමිකරු සහ ඔහුගේ බිරිඳ සැකපිට පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වේයන්ගොඩ පොලිසිය සිද්ධිය පිළිබඳව වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.