වෙසක් දවසේ ථූපාරාමයේ සහ රන්කොත් වෙහෙරේ පිංකැට සොරකම් කරලා

පොළොන්නරුව, ථූපාරාමය සහ රන්කොත් වෙහෙරේ සවිකර තිබූ බැතිමතුන්ගේ ආධාර මුදල්වලින් පිරී පැවති පිංකැට දෙක පසුගිය පොහොය දිනයේ රාත්‍රියේ සොරුන් විසින් කඩාගෙන ගොස් තිබෙනවා.

අදාළ සොරකම සම්බන්ධයෙන් සොළොස්මස්ථාන භාරකාර පූජ්‍ය කන්දකැටියේ අස්සජි නායක හිමියන් විසින් පොළොන්නරුව පොලිසියට කළ පැමිණිල්ලක් අනුව මේ වන විට පොලිස් විමර්ශන ආරම්භ වී තිබෙනවා.

එම පිංකැට දෙකෙහි කොපමණ මුදලක් තිබුණද යන්න මෙතෙක් අනාවරණය වී නැහැ.