වෙනිසියුලානු විපක්ෂ නායිකාව ඇයගේ නොබෙල් සාම ත්‍යාගය ට්‍රම්ප්ට පිරිනමයි

වෙනිසියුලානු විපක්ෂ නායිකා මරියා මචාඩෝට හිමිවූ නොබෙල් සාම ත්‍යාගය අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත පිරිනමා තිබෙනවා.

ඒ වෙනිසියුලානු විපක්ෂ නායිකා මාරියා කොරිනා මචාඩෝ ඊයේ (15) දිනයේ ධවල මන්දිරයේ දී අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවූ අවස්ථාවේ දී යි.

පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් විපක්ෂ නායිකාව පවාසා සිටියේ වෙනිසියුලානු ජනතාවගේ නිදහස වෙනුවෙන් ට්‍රම්ප් සිදුකළ කැපවීම අගයමින් මෙම පරිත්‍යාගය සිදු කළ බවයි.
/
4පැවති හමුවෙන් අනතුරුව පසුව ඇමෙරිකානු ජනාධිපති ට්‍රම්ප් සමාජ මාධ්‍ය වෙත ටහනක් තබමින් පවසා ඇත්තේ ”මරියා මැචාඩෝව අපූරු කාන්තාවක් , ඇයව හමුවීමට ලැබීම මගේ මහත් ගෞරවයක්. ඇය බොහෝ දේ අත්විඳ ඇති අපූරු කාන්තාවක්. මා කළ කාර්යය වෙනුවෙන් මාරියා මට ඇගේ නොබෙල් සාම ත්‍යාගය පිරිනැමුවා. අන්‍යෝන්‍ය ගෞරවය පිළිබඳ අපූරු ඉරියව්වක්,”බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
3
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?