වෙන්නප්පුවේ දේවස්ථානයකින් ඇදහිය නොහැකි දෙයක් හමුවෙයි – දහස් ගණන් ජනයා ඇදෙයි

වෙන්නප්පුව, බෝලවත්ත පරලෝක රාජේශ්වරියගේ දේවස්ථානයේ ඉදිකිරීම් කටයුත්තකදී වසර සිය ගණනක් පැරණි බවට සැක කරන සොහොන් ගැබක් හමු වී ඇති බව වාර්තා වෙනවා.
ඊයේ දහවල් මෙම සොහොන් ගැබ මතුව ඇති අතර එම අස්ථාවේ සිට මෙය දැක බලා ගැනීම සඳහා දහස් ගණනක ජනතාවක් දේවස්ථානය වෙත පැමිණෙමින් සිටින බව ද වාර්තා වේ. මේ සිදුවීම වන අවස්ථාවේ මීසම් පාලක පියතුමා ඇතුළු දායක සභාවේ කීප දෙනෙකු සිට ඇත්තේ මහනුවර වන අතර ඒ අවස්ථාවේදී ම හලාවත වැඩබලන රදගුරු හා මහනුවර රදගුරු අතිඋතුම් වැලන්ස් මෙන්දීස් හිමිපාණන්ට දැනුම් දී තිබේ.  මේ වන විට මේ දේවස්ථානයට පොලිස් ආරක්ෂාව යොදවා ඇත.  එමෙන් ම, මේ පිළිබඳව කතෝලික සභාවට හා පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවට දැනුම් දී ඉදිරි පියවර ගන්නා බව මීසම් පාලක නෙවිල් සෙබස්තියන් පියතුමා වැඩිදුරට ත් පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
293
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?