වෙනස්කම් තුනක් සමග ශ්‍රී ලංකා කණ්ඩායම අද පිටියට

සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ තීරණාත්මක තුන්වැනි තරගය අද (7 වැනිදා) ප.ව.2.30ට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත.

දෙරට අතර පැවැති පළමු තරගයේ ජය ශ්‍රී ලංකාව සතුව තිබීමත්, දෙවැනි තරගය දකුණු අප්‍රිකාව ජයගෙන තිබීමත් හේතුවෙන් අද (7 වැනිදා) තරගය ජය ගන්නා කණ්ඩායම 2-1කින් තරගාවලි ජයග්‍රහණයට හිමිකම් කීමට නියමිතය.
යම් හෙයකින් ශ්‍රී ලංකාව අද තරගය ජයගතහොත් ඔවුන් දකුණු අප්‍රිකාවට එරෙහිව එක්දින ක්‍රිකට් තරගාවලියක් ජය ගන්නේ 2013 වසරින් පසුවය. එසේම ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් වරට එක්දින ක්‍රිකට් තරගාවලි ජයක් ලබා ඇත්තේ 2020 වසරේ පෙබරවාරි මාසයේ බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව වීමද විශේෂත්වයකි.

2023 වසරේ ඉන්දියාවේ පැවැත්වෙන ලෝක කුසලානයට එක එල්ලයේ සුදුසුකම් ලැබීමටනම් ලෝක කුසලාන සුපර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ පැවැත්වෙන අද තරගය ජය ගැනීම ශ්‍රී ලංකාවට අනිවාර්ය වී තිබේ. අදාළ තරගාවලිය යටතේ තරග 14කට සහභාගි වී සිටින ශ්‍රී ලංකාව ඉන් තරග 10ක් පරාජය වී තරග 3ක් ජයගෙන කණ්ඩායම් අතර 09 ස්ථානයේ රැඳී සිටී. කණ්ඩායම් අතර 08 වැනි ස්ථානයේ පසුවන දකුණු අප්‍රිකාව තරග 8කට සහභාගි වී ඉන් තරග 3ක් ජයගෙන 4ක් පරාජය වී තිබෙන බැවින් ඔවුන්ද යම් අවධානම් තත්ත්වයක පසුවේ.

ශ්‍රී ලංකා කණ්ඩායම අද (7 වැනිදා) තරගයට වෙනස්කම් තුනක් සමගින් සහභාගි වීමට නියමිත බවට ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කර සිටී. ඒ අනුව දඟ පන්දු යවන යොවුන් ක්‍රීඩක මහීෂ් තීක්ෂණට අද (7 වැනිදා) එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරග වරම් හිමිවනු ඇති බව සඳහන් වේ.

පළමු තරග දෙකෙහිදීම ලකුණු ලබාගැනීමට අපොහොසත් වූ භානුක රාජපක්ෂට අද තරගයේදී අවස්ථාව අහිමි වනු ඇති බවට වාර්තා වේ. ඒ වෙනුවට බොහෝවිට ඉකුත්දා පැවැති ආරාධිත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ දෙවැනියට වැඩිම ලකුණු ලාභියා වූ කමිඳු මෙන්ඩිස්ට අවස්ථාව උදාවනු ඇති බවට වැඩිදුරටත් වාර්තා වේ.

උරහිසේ ආබාධයකින් පසුව කොවිඩ් වයිරසයට ගොදුරු වූ කුසල් ජනිත් පෙරේරා අද (7වැනිදා) තරගයට සහභාගි වනු ඇති බවට සඳහන් වුවද, ඔහු විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය පමණක් ක්‍රීඩා කරනු ඇති බවට වාර්තා වේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
23
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කළු ගඟ ඉවුර ගොඩ කරලා කෙසෙල් ගස් හදලා..මේ විනාශය බලධාරින්ට පේන්නේ නැද්ද ?මේකද ආණ්ඩුවේ වෙනස ?
03:11
Video thumbnail
මහ ගින්නක් ගමකට කරපු ලොකු විනාශය..උඩින් පත්තුවෙනවා..එන්න එන්න කට්ටිය
01:15
Video thumbnail
SLFP එක ලොකු සෙට් එකක් මැයි රැළියට ගෙන්නන්න හදන්නේ ? 10000කට වැඩි ගාණක් ගෙන්නනවා
03:07
Video thumbnail
නිවාඩු දිනයේදි බාහිර පන්ති පැවැත්වූ ගුරුවරු දෙදෙනෙකුට වැඩ වරදියි..පන්තිය නවතා - ළමයි ටික යවයි
01:27
Video thumbnail
හත් දෙයියනේ බය වෙන්නේ නැද්ද..බෝම්බයක් දැක්කම
01:05
Video thumbnail
"හත් දෙයියනේ බය වෙන්නේ නැද්ද..බෝම්බයක් දැක්කම..අපි කෞතුකාගාරයේ විතරයි දැකලා තියෙන්නේ"
01:30
Video thumbnail
මහජන ආරක්ෂක කමිටුව හරියට සක්‍රිය වුණොත් පොලිසියට වැඩ නැතිවෙනවා
02:54
Video thumbnail
D.V. චානක ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි..තෙල් ලංකාවට එන්න කළින් කොහොමද මිල වැඩි කළේ..?
06:39
Video thumbnail
ආණ්ඩු ප්‍රබලයෙක් ඉදිරියේ කාන්තාවක් කිව්ව සැර කතාව.."ඡන්ද ටික ගන්න නම් අනිවාර්යෙන් එනවා"
02:40
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයින්ට වටගලගෙන් රතු එළි..ඔබ විනාශ කරන්නේ රටේ ජනතාව
01:36