වෙනත් කාන්තාවකගේ ඡායාරූප දාගෙන ගණිකා ව්‍යාපාරයක් ඇරඹූ කාන්තාව රෝහලට

යතුරුපැදියක ගමන් ගත් යුවළක් මෝටර් රථයක ගැටීමට සලස්වා ඝාතනය කිරීමට උත්සාහ කළ සැකකරුවන් දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (20) සවස අතුරුගිරිය මයිලංගම මාර්ගයේ ක්‍රීඩාංගණයක් අසලදී මෙම අනතුර සිදුවී ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

මෙම අනතුරින් තුවාල ලැබූ හෝමාගම ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි කාන්තාව කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර තිබෙනවා.

ඇය මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදු කළ ප්‍රකාශයක් අනුවයි අතුරුගිරිය පොලිසිය විමර්ශණ ආර්මභ කර ඇත්තේ.

තුවාල ලබා ඇති මෙම කාන්තාව ගණිකා වෘත්තියේ නියැළෙන බවට ඇයගේ දුරකථන අංකය සහ වෙනත් කාන්තාවකගේ ඡායාරූපයක් යොදා ගනිමින් අන්තර්ජාලය ඔස්සේ දැන්වීමක් පළකර තිබෙනවා.

අනතුරුව එම ඡායාරූපයේ සිටින කාන්තාවගේ පෙම්වතා විසින් එහි ඇති දුරකථන අංකයට ඇමතුමක් ලබාදී ගණිකා වෘත්තියේ නියැළීම වෙනුවෙන් පැමිණෙන ලෙසටයි මෙම තුවාල ලැබූ කාන්තාවට ප්‍රකාශකර ඇත්තේ.

එම දැනුම්දීම අනුව ඇය තවත් පුද්ගලයෙකු සමග යතුරුපැදියකින් පැමිණ තිබෙනවා.

දුරකථන ඇමතුම ලබාදුන් පුද්ගලයා ද මෝටර් රථයකින් තවත් දෙදෙනෙකු සමග පැමිණ ඇති අතර එහිදී දෙපිරිස එකිනෙකා හඳුනාගෙන ඇති බවටයි හෙළිවී ඇත්තේ.

පසුව යතුරුපැදියේ පැමිණි කාන්තාව සහ අනෙක් පුද්ගලයා පළා යාමට උත්සාහ කිරීමේදී මෝටර් රථයේ පැමිණි පිරිස යතුරුපැදිය අනතුරට ලක් කර ඔවුන් අල්ලා ගැනීමට උත්සාහ කර තිබෙනවා.

මෙම අපරාධය සඳහා පැමිණි සැකකරුවන් තුන්දෙනෙකු ඔවුන් පැමිණි මෝටර් රථය ද සමගින් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

අවුරුදු 21 සහ 22 වයස්වල පසුවන සැකකරුවන් අතුරුගිරිය සහ හෝමාගම ප්‍රදේශවල පදිංචිකරුවන්.

ඔවුන් ඊයේ කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 26 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

අතුරුගිරිය පොලිසියයි විමර්ශණ මෙහෙයවන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
2
+1
23
+1
3
+1
2
+1
3
+1
8
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජාවාරම්කරුවෙක් පොලිසියත් එක්කද මේ බරටම ඩීල් දාන්නේ..?"උදේනිට හයි කෝ⁣ට් එකක් දාලා දෙන්න"
05:06
Video thumbnail
ලසිත් මාලිංග ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන කිව්ව කතාව.."මට හිතුනා අපිට යම් තැනක් මිස් වුණාද කියලා"
04:33
Video thumbnail
විපක්ෂයේ එදා අනතුරු ඇගවීම අද ඇත්තක් වෙලා..තෙල් සමාගම් 3ක් තෙල් ලබාදීම සීමා කරලා තියෙන්නේ
03:05
Video thumbnail
"වැඩමවා වදාළ වනචාරී මහා සංඝරත්නයෙන් අවසරයි"මිහින්තලේ හිමි බණ කියන්න අවසර ගත් හැටි
02:46
Video thumbnail
හතරවටින්ම වේගපන්දු ක්‍රීඩකයන් සොයන මාලිංග..සනත්, ධම්මික ඇතුළු ප්‍රබලයින් සෙට් එකක්ම ඇවිත්
03:21
Video thumbnail
කරවනැල්ල නගරයේ ආයතනයක හදිසියේම ඇතිවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
01:05
Video thumbnail
ඉන්ධන රස දන්නේ JVP කාරයෝ තමයි..ඉන්ධන ඉවරවෙන්න අපි කෑවද ඉන්ධන l Asela Sampath
01:24
Video thumbnail
ඉන්ධන සමාගමක් ඩීසල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කරලා ?පොරක් කියලා හිතපු කාංචනගේ කෙරුවාව හෙළිවෙයි
10:53
Video thumbnail
Kasthirama | “ ගෝලීය අර්බුද පෙනෙන මානයක - රටේ දේශපාලනය “තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:19:06
Video thumbnail
මේ අවස්ථාවට විතරක් පරණ ක්‍රමයට පළාත් පාලන ඡන්දය කරන්න බැරි ඇයි ?..මේක සිල්ලර දෙයක් නෙවෙයි..
06:40