spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

වෙනත් කතක් සමඟ දීග කෑමට සුරූපී බිරිඳ මැරූ සැමියා අත්අඩංගුවට

වෙනත් කාන්තාවක් සමඟ විවාහ වීමේ අරමුණ ඇතිව සිය නීත්‍යානුකූල බිරිඳව ඝාතනය කළ පුද්ගලයෙකු ඉන්දීය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම ඝාතනයට අනුබලදීමේ චෝදනාව සම්බධයෙන් අදාළ පුද්ගලයාගේ පියා ඇතුළු පස්දෙනෙක් ද අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

25 හැවිරිදි නිකී යාදෙව් නැමැති කාන්තාව පසුගිය 10 වනදා සිය සැමියා විසින් කේබලයකින් ගෙළ සිරකර ඝාතනය කර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

සැකකාර සැමියා විසින් මෝටර් රථයක් තුළ දී මෙම ඝාතනය සිදුකර ඇති අතර, ඝාතනයෙන් පසු සිය බිරිඳගේ මළ සිරුර
ඔහුගේ දෙමාපියන්ගේ නිවස ආසන්නයේ පිහිටි ඔහුගේ පවුලට අයත් ආපනශාලාවක ශීතකරණයක සඟවා තැබීමට කටයුතු කර ඇති බවට කරුණු අනාවරණය වී තිබෙනවා.

සහිල් නැමැති සැකකාර සැමියා සිය පවුලේ අය සමඟ 2022 දෙසැම්බර් මාසයේ දී නීත්‍යානුකූල බිරිඳ නිකීට හොර රහසේ වෙනත් කාන්තාවක් සමඟ ඔහුගේ විවාහය තීරණය කර ඇති බව සඳහන්.

නිකී ඒ, පිළිබඳව දැනගත් පසු දෙදෙනා අතර වරින් වර ගැටුම් ඇතිව ඇති බවයි විමර්ශන සිදුකරන පොලිසිය සඳහන් කළේ.

එලෙස ඇති වූ ගැටුමක දී සැකකාර සැමියා විසින් සිය බිරිඳ මෙලෙස ඝාතනය කර ඇති බවයි වාර්තා වන්නේ.

සැකකාර සැමියා පසුගිය අඟහරුවාදා (14) ඉන්දීය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර,අනතුරුව ඔහු දිල්ලි අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු දින 05ක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට තීරණය කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?