වෙනත් කතක් සමඟ දීග කෑමට සුරූපී බිරිඳ මැරූ සැමියා අත්අඩංගුවට

වෙනත් කාන්තාවක් සමඟ විවාහ වීමේ අරමුණ ඇතිව සිය නීත්‍යානුකූල බිරිඳව ඝාතනය කළ පුද්ගලයෙකු ඉන්දීය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම ඝාතනයට අනුබලදීමේ චෝදනාව සම්බධයෙන් අදාළ පුද්ගලයාගේ පියා ඇතුළු පස්දෙනෙක් ද අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

25 හැවිරිදි නිකී යාදෙව් නැමැති කාන්තාව පසුගිය 10 වනදා සිය සැමියා විසින් කේබලයකින් ගෙළ සිරකර ඝාතනය කර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

සැකකාර සැමියා විසින් මෝටර් රථයක් තුළ දී මෙම ඝාතනය සිදුකර ඇති අතර, ඝාතනයෙන් පසු සිය බිරිඳගේ මළ සිරුර
ඔහුගේ දෙමාපියන්ගේ නිවස ආසන්නයේ පිහිටි ඔහුගේ පවුලට අයත් ආපනශාලාවක ශීතකරණයක සඟවා තැබීමට කටයුතු කර ඇති බවට කරුණු අනාවරණය වී තිබෙනවා.

සහිල් නැමැති සැකකාර සැමියා සිය පවුලේ අය සමඟ 2022 දෙසැම්බර් මාසයේ දී නීත්‍යානුකූල බිරිඳ නිකීට හොර රහසේ වෙනත් කාන්තාවක් සමඟ ඔහුගේ විවාහය තීරණය කර ඇති බව සඳහන්.

නිකී ඒ, පිළිබඳව දැනගත් පසු දෙදෙනා අතර වරින් වර ගැටුම් ඇතිව ඇති බවයි විමර්ශන සිදුකරන පොලිසිය සඳහන් කළේ.

එලෙස ඇති වූ ගැටුමක දී සැකකාර සැමියා විසින් සිය බිරිඳ මෙලෙස ඝාතනය කර ඇති බවයි වාර්තා වන්නේ.

සැකකාර සැමියා පසුගිය අඟහරුවාදා (14) ඉන්දීය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර,අනතුරුව ඔහු දිල්ලි අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු දින 05ක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට තීරණය කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ව සජබයටනම් අභියෝගයක් වෙලා නෑ..දැනෙන්නේවත් නෑ - ඊළඟ විකල්පය සජිත්
04:06
Video thumbnail
බොන වතුරේ තියෙන්නේ ගල් කුඩු - බොන්න බෑ මුත්‍රා දැවිල්ලයි..දරුවෝ කෑගහනවා
07:29
Video thumbnail
අපි ඉස්සරහට අවු:40ක් වෙනකල් ත්‍රීවිල් පදින්න දෙන්නේ නෑ - අනාගතය තියෙන්නේ අධ්‍යාපනය අතේ
02:49
Video thumbnail
අවුරුදු 40 ක් වෙනතුරු ත්‍රීවීල් පදින්න බෑ.. රජය ගන්න අලුත්ම තීරණය ගන ඇමති නලින් හේවගේ හෙළිකරයි.
00:07
Video thumbnail
නාමල් ආණ්ඩුවට අනතුරු අගවයි - අවු: 2ක් සද්දෙ වහලා හිටියා..ජනපති යට ගහන්න හදනවා
05:39
Video thumbnail
අවසන් මොහොතේ තම වෛද්‍යවරයා වෙනුවෙන් පවා ගී ගැයූ නන්දා මාලනිය..
00:39
Video thumbnail
නුවර වැවට පැ#න කාන්තාවක් බේරාගත් මෙහෙයුම - මොනවා වෙලාද මේ මිනිස්සුන්ට ?
02:09
Video thumbnail
නුවර වැවට ජම්ප් එකක් දැම්ම තරුණියව බේරාගන්න දිවි පරදුවට තැබූ කොල්ලෝ ටිකට රෙස්පෙක්ට්..
02:25
Video thumbnail
යතුරුපැදියක් - ලොරියක වැදී 25ස් හැවිරිදී තරුණයා එතනම එළොව යයි - බයික් එකත් කුඩේ කුඩු
00:45
Video thumbnail
කාලගුණය උඩු යටිකුරු වන ලකුණු..ඉදිරියේදී වැසි වැඩිවෙයි - සුළං තත්ත්වයේ වැඩිවීමක්
03:40