නුවරඑලිය නගරයේ පිහිටි රාජ්‍ය ආයතනයක පහල මහලේ ගොඩනැගිල්ලක පිහිටි දේශිය කිරිපිටි අලෙවිසැලක් ඉදිරිපිට කිරිපිටි පැකට්ටුවක් මිල දි ගැනිමට පාරිභෝගිකයන් දිගු පොලිම් වල රැදි සිටින අයුරු අප කැමරාවේ සටහන් විය.
අඹේවෙල පිහිටි කිරිපිටි කර්මාන්ත ශාළාවෙන් එම කිරිපිටි අලෙවි වෙලදසැල වෙත ලබාදෙන සිමිති කිරිපිටි ප්‍රමාණය පාරිභෝගිකයන් වෙත අලෙවි කරනු ලබයි.
එම කිරිපිටි කර්මාන්ත ශාලාව විසින් සතියකට දින තුනක් පමණක් එම අලෙවි මධ්‍යස්ථානය තුලින් කිරිපිටි පැකට් 400 ක් පමණ නිකුත් කරන අතර, එම කිරිපිටි අලෙවිසැල විවෘත කිරිමට ප්‍රථම විශාල පිරිසක් පොලිම් වල රැදි සිටින අතර,පොලිම් වල රැදි සිටින ඇතැම් පාරිභෝගිකයන්ට කිරි පිටි පැකට්ටුවක් මිල දි ගැනිමටද නොහැකි වන අවස්තා ගණනාවක් දක්නට ලැබුණි.