AFC Banner
Empty Ad
Empty Ad

වෙඩි වැදීමෙන් මිය ගිය ඇතාගේ දළ යුගලය කපාගෙන ගිහින් (ඡායාරූප)

වෙඩි වැදීමෙන් මිය ගිය ඇතකුගේ දළ යුගලය කිසියම් පුද්ලයකු විසින් කපා සොරාගෙන යාමේ සිද්ධියක් රිටිගල වනසත්ව අඩවියට අයත් පලුගස්වැව, කොකටියගොල්ල ප්‍රදේශයෙන් වාර්තා වනවා.

ඊයේ (19) දින මෙම දළ ඇතා මිය ගොස් ඇති අතර, ඒ බව දැක ඇති ප්‍රදේශවාසීන් ඒ බව රිටිගල වනජීවී කාර්යාලයට දැන්වීමට පියවර ගෙන තිබුණා.

ඒ අනුව වහාම ක්‍රියාත්මකවී ඇති වනජීවී නිලධාරීන් හැකි ඉක්මණින් එම ස්ථානයට ළඟාවීමට කටයුතු කර තිබූ අතර,ඒ වනවිටත් කිසියම් පුද්ගලයකු මිය ගොස් සිටි ඇතාගේ දළ යුගලය කපා ගෙන ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

සිද්දිය සම්බන්ධයෙන් මේ වනවිට රිටිගල වන සත්ව අඩවි ආරක්ෂක කාර්යාලය මඟින් පොලිසියට ද පැමිණීලි කර තිබෙනවා.

මෙලෙස මිය ගොස් ඇත්තේ කවුඩුල්ල හා මින්නේරිය ජාතික උද්‍යානවල හා රිටිගල ආශ්‍රිතව සැරිසැරූ ‘කෝලිත’ නම් දළ ඇතා බවයි වනජීවී නිලධාරීන් අනුමාන කරන්නේ.

වයස අවුරුදු 15ක් පමණ වන මෙම දළ ඇතාට අඩි 02ක පමණ දිගකින් යුත් හොදින් වැඩෙමින් පැවැති දළ යුගලයක් හිමිව තිබූ බවත් එම ඇතා සංචාරක ආකර්ශණය දිනා ගෙන සිටි ඇතෙකු බවයි වනජීවී නිලධාරීන් සඳහන් කළේ.

මිය ගිය ඇතාගේ පශ්චාත් මරණ පරීක්ෂණය අනුරාධපුර, පණ්ඩුලගම වනජීවී පශු වෛද්‍ය උදේශිකා මධුවන්ති විසින් අද (20) දිනයේ සිදු කෙරුණා.

එහිදි අනාවරය වූයේ එම ඇතාට මින් දින කිහිපයකට පෙර වෙඩි වැදීමක් සිදුව ඇති බවයි.

ඇතාගේ බඩ ආශ්‍රිත ප්‍රදේශයට එල්ලව තිබූ එම වෙඩි පහරින් සතවයාගේ බඩවැල් ආශ්‍රිතව ඇති වූ තුවාල ඔඩු දිවීම හේතුවෙන් ඇති වූ තත්ත්වයක් මත එම මිය ගොස් ඇති බවයි පැවති පශ්චාත් මරණ පරීක්ෂණයේ දී තහවුරු වී ඇත්තේ.

ඇතා මිය යාමෙන් පසු දළ යුගලය කපා රැගෙන යාමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් සොයා රිටිගල වනසත්ව අඩවි ආරක්ෂක කාර්යාලය සහ හබරණ පොලිසිය මේ වනවිට විමර්ශණ ආරම්භ කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?