2025 බාලි විවෘත ප්‍රායෝගික පිස්තෝල සහ කාබයින තුවක්කු වෙඩි තැබීමේ ශූරතා තරගාවලියේ දී රිදී පදක්කම් 03 ක් සහ එක් ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට මෙරට නියෝජනය කරමින් සහභාගී වූ කණ්ඩායම සමත් වුණා.
රටවල් 12 ක වෙඩි තැබීමේ තරගකරුවන් 450කගේ සහභාගීත්වයෙන් ඉකුත් 18වන දින සිට 23 දින දක්වා ඉන්දුනීසියාවේ බාලි දූපතේ දී මෙම තරගාවලිය පැවැත්වුණා.
තරගාවලියට කනිෂ්ඨ අංශයෙන් සහභාගී වූ 12 හැවිරිදි කායෙල් ලියනගේ කාබයින තුවක්කු අංශයෙන් රිදී පදක්කමක් ද , 16 හැවිරිදි රයෙල් ලියනගේ පිස්තෝල අංශයෙන් රිදී පදක්කමක් දිනා ගැනීමට සමත් වූ අතර 13 හැවිරිදි ඩැනියෙල් කාවෝ පිස්තෝල අංශයෙන් ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට සමත් වුණා.
තරගාවලියට ජ්‍යෙෂ්ඨ අංශයෙන් ඉදිරි පත් වූ විශ්‍රාමික ලුතිනන් කර්නල් ජනක රිටිගහපොළ පිස්තෝල අංශයෙන් රිදී පදක්කමක් මෙරටට හිමි කර දුන්නා.
අද (25) අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ඔවුන් පිළිගැනීම සදහා ශ්‍රී ලංකා ජාතික රයිෆල් සංගමයේ නිලධාරීන් පිරිසක් ද ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියා.





