වෙඩි තබා පුද්ගලයෙක් එලොව යැවූ දෙදෙනා පෝරකයට

2014 වසරේ දෙසැම්බර් මස 24 දින මීටියාගොඩ පොලිස් වසමේ මැටි වල හංගරනවත්ත ප්‍රදේශයේදී පුද්ගලයෙක්ව වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධව දීර්ඝ කාලයක් තිස්සේ විභාග වූ නඩුවක තීන්දුව අද (17) ප්‍රකාශයට පත් කෙරුණා.

ඒව අනුව එම ඝාතනයක් සිදුකළ පුද්ගලයින් දෙදෙනාට මරණ දඬුවම නියම වුණා.

ඒ බලපිටිය මහාධිකරණයේදී අද (17) එම නඩුව කැඳවූ අවස්ථාවේදී යි.

පිටු හතළිස් හයක නඩු වාර්තාවකින් සමන්විත මෙම නඩු තීන්දුව දණ්ඩ නීති සංග්‍රහයේ 32 වන වගන්තිය යටතේ 296 වගන්තිය අනුව මෙම නඩුවේ තීන්දුව බලපිටිය මහාධිකරණ විනිසුරු රුචිර වැලිවත්ත මහතා විසින් ප්‍රකාශ කර තිබෙනවා.

පුද්ගලයන් අතර ඇති වූ ආරවුලක් හේතු කොටගෙන මෙම මනුෂ්‍ය ඝාතනය සිදුවී ඇති අතර ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයාගේ හිසට වෙඩි තබා මෙම ඝාතනය සිදුකර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?