වෘත්තීය සමිතිවලින් ජනපතිට අභියෝගයක්

වරාය, ඉන්ධන, තැපැල්, ප්‍රවාහන, රාජ්‍ය බැංකු හා පළාත් පාලන ආයතන අත්‍යාවශ්‍ය සේවා බවට පත්කරමින් රජය විසින් අතිවිශෙෂ ගැසට් නිවේදනයක් නිකුත් කිරීම සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රන්ජන් ජයලාල් මහතා අදහස් පළ කොට තිබිණ.

විදුලිය අත්‍යවශ්‍ය සේවාවක් ලෙස පත්කරමින් මෙම ගැසට් නිවේදනයට ඇතුළත් නොකිරීම සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානය හා ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය ද අදහස් පළ කළේය.

“විදුලිබල මණ්ඩලය ආණ්ඩුව තමන්ගේ පාලනයෙන් අයින් කරලා තියෙන්නේ. ඒ කියන්නේ ආණ්ඩුව සමස්ත බලශක්ති ක්ෂේත්‍රය අමෙරිකාව සතු කරන්න යනවා. ආණ්ඩුව ලෑස්ති වෙනවා නම් අත්‍යවශ්‍ය සේවා පනවලා අපි ගන්න යන ක්‍රියාමාර්ග අත්හිටුවන්න.. ඒක අසාර්ථකයි.”

ජනාධිපතිවරයාගේ උපදෙස් මත ජනාධිපති ලේකම්වරයා විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කොවිඩ් නිවාරණය සඳහා නිකුත් කර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශවල සඳහන් කරුණු සැලකිල්ලට ගනිමිනි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?