වෘත්තීය ක්‍රියාමාර්ග අවසන්කර යළි සේවයට එන්න

විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩල මේ වනවිට සිදුකරගෙන යනු ලබන වෘත්තිය ක්‍රියාමාර්ගවලින් ඉවත්වන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය ඉල්ලීමක් කර තිබෙනවා.

එම අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ වෘත්තිය ක්‍රියාමාර්ගයෙන් ඉවත්ව අනධ්‍යයන සේවකයින්ට සේවය සඳහා වාර්තා කරන ලෙසයි.

ඊයේ (27) රැස් වූ අමාත්‍ය මණ්ඩලය විසින් වැටුප් විෂමතාව සම්බන්ධයෙන් පවතින ගැටළු පිළිබඳව විමර්ශනය සඳහා භාණ්ඩාගාර ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කිරීමට තීරණය කළ බවත්, එම කමිටුව මඟින් නිර්දේශ මීළඟ අයවැයට ලබාගැනීමට තීරණය වූ බවත් අදාළ නිවේදනයේ දැක්වෙනවා.

එමෙන්ම සේවයට වාර්තා කිරීමෙන් පසු වැටුප් හා අතිකාල දීමනා ගෙවීම පිළිබඳව ගැටලු‍වක් පැන නොනඟින බව මෙම නිවේදනය මඟින් දන්වා තිබෙනවා.

වැටුප් වැඩිවීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්යමණ්ඩල විසින් අරඹා ඇති වෘත්තිය ක්‍රියාමාර්ගය හේතුවෙන් මේ වනවිට විශ්වවිද්‍යාලවල අධ්‍යයන කටයුතු අඩාල වී තිබෙනවා.

එම නිවේදනයේ දැක්වෙන්නේ 2024.05.27 දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී ගනු ලැබූ අමාත්‍ය මණ්ඩල තීරණය පරිදි ඔවුන්ගේ ඉල්ලීම් සඳහා විසඳුම් ලැබෙනු ඇති බවය.

එහිදී අනධ්‍යයන කාර්ය මණ්ඩලවල 2018 සිට පැවැති වැටුප් විෂමතාව සම්බන්ධයෙන් වූ ගැටලු‍ව පිළිබඳව හා ඒ හා සම්බන්ධ වූ වෙනත් වැටුප් විෂමතා පිළිබඳව ඇති ගැටලු‍ පිළිබඳව විමර්ශනය කර මීළඟ අයවැයට පෙර අමාත්‍ය මණ්ඩලයට වාර්තා කිරීමට භාණ්ඩාගාර ලේකම්ගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත්කර නිර්දේශ ලබා ගැනීමට තීරණය කර ඇති බවද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
3
+1
0
+1
0
+1
1
+1
2
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද මේවට අවසර දුන්නේ.. ජනාධිපතිතුමා සැර වෙයි
09:01
Video thumbnail
රටේ ව්‍යවසනයන් අතර ජාවාරම්කාරයන් ගැන අපි මෙහෙයුම් කළා..නාකොටික් DIG සියල්ල හෙළිකරයි
03:57
Video thumbnail
සජිත් ආණ්ඩුවට දෙහි කපයි
11:00
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා  "වීරා"
00:36
Video thumbnail
බදුල්ල මඩකලපුව A5 මාර්ගය මිල්ලබැද්ද ප්‍රදේශයෙන් ගිලා බසියි..මුළු පාරම ඉවරයි..හැම තැනම ඉරිතලලා
03:22
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06


?