වෘත්තීය ක්‍රියාමාර්ග අවසන්කර යළි සේවයට එන්න

විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩල මේ වනවිට සිදුකරගෙන යනු ලබන වෘත්තිය ක්‍රියාමාර්ගවලින් ඉවත්වන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය ඉල්ලීමක් කර තිබෙනවා.

එම අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ වෘත්තිය ක්‍රියාමාර්ගයෙන් ඉවත්ව අනධ්‍යයන සේවකයින්ට සේවය සඳහා වාර්තා කරන ලෙසයි.

ඊයේ (27) රැස් වූ අමාත්‍ය මණ්ඩලය විසින් වැටුප් විෂමතාව සම්බන්ධයෙන් පවතින ගැටළු පිළිබඳව විමර්ශනය සඳහා භාණ්ඩාගාර ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කිරීමට තීරණය කළ බවත්, එම කමිටුව මඟින් නිර්දේශ මීළඟ අයවැයට ලබාගැනීමට තීරණය වූ බවත් අදාළ නිවේදනයේ දැක්වෙනවා.

එමෙන්ම සේවයට වාර්තා කිරීමෙන් පසු වැටුප් හා අතිකාල දීමනා ගෙවීම පිළිබඳව ගැටලු‍වක් පැන නොනඟින බව මෙම නිවේදනය මඟින් දන්වා තිබෙනවා.

වැටුප් වැඩිවීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්යමණ්ඩල විසින් අරඹා ඇති වෘත්තිය ක්‍රියාමාර්ගය හේතුවෙන් මේ වනවිට විශ්වවිද්‍යාලවල අධ්‍යයන කටයුතු අඩාල වී තිබෙනවා.

එම නිවේදනයේ දැක්වෙන්නේ 2024.05.27 දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී ගනු ලැබූ අමාත්‍ය මණ්ඩල තීරණය පරිදි ඔවුන්ගේ ඉල්ලීම් සඳහා විසඳුම් ලැබෙනු ඇති බවය.

එහිදී අනධ්‍යයන කාර්ය මණ්ඩලවල 2018 සිට පැවැති වැටුප් විෂමතාව සම්බන්ධයෙන් වූ ගැටලු‍ව පිළිබඳව හා ඒ හා සම්බන්ධ වූ වෙනත් වැටුප් විෂමතා පිළිබඳව ඇති ගැටලු‍ පිළිබඳව විමර්ශනය කර මීළඟ අයවැයට පෙර අමාත්‍ය මණ්ඩලයට වාර්තා කිරීමට භාණ්ඩාගාර ලේකම්ගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත්කර නිර්දේශ ලබා ගැනීමට තීරණය කර ඇති බවද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14