වී වේලීම, ගබඩා කිරීම ඇතුළු පහසුකම් වැඩිදියුණු කිරීමට මිලියන 1000ක්

වී වේලීම, ගබඩා කිරීම ඇතුළු පහසුකම් රැසක් වැඩිදියුණු කිරීමට සමුපකාර තොග වෙළඳ සංස්ථාව හරහා මේ වසරේදී රුපියල් මිලියන 1000ක් වෙන් කර ඇති බවත් අදාළ යන්ත්‍රෝපකරණ දකුණු සහ උතුරු පළාත්වල ස්ථාපිත කිරීමට නියමිත
බවත් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ පවසනවා.

වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තුවේදී පසුගියදා පැවති එම කාරක සභා රැස්වීමකදී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

සමුපකාර සමිතිවලට වී වේලන යන්ත්‍ර ලබා‍ දීම සඳහා රුපියල් මිලියන 500ක ව්‍යාපෘතියක් සහ නිෂ්පාදන සමුපකාර සඳහා නිෂ්පාදන සහ ඇසුරුම් යන්ත්‍රෝපකරණ මිල දී ගැනීමට රු. මිලියන 100ක ව්‍යාපෘතියක් මේ වසරේ ක්‍රියාත්මක බවත් කාරක සභා සභාපතිවරයා පෙන්වා දුන්නා.

එසේම, වී, සහල් බවට පත් කිරීම සහ අල මිල දී ගැනීමේ ක්‍රියාවලියට සමූපකාර තොග වෙළඳ සංස්ථාව මැදිහත් වී ඇති බවත්, අල කිලෝ ග්‍රෑම් 1 ක් රු. 220 ක මුදලකට මිල දී ගෙන සීමාසහිත ලංකා සතොස ආයතනය හරහා ඒවා විකිණීම සිදු කරන
බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

එසේම, සම්බා සහ කීරි සම්බා සහල්වලට ආදේශක සහල්ආනයනය කළ අප්‍රේල් මාසය තුළ සහල් මෙට්‍රික් ටොන් 120,000 ක් ආනයනය කර ඇති බවත්, අවශ්‍ය වුවහොත් පමණක් නැවත සහල් ආනයනය පිළිබඳව සලකා බලන බවත්
ඔහු ප්‍රකාශ කළා.

ඇතැම් සමූපකාර සමිතිවල සිදු වන වංචා සහ දූෂණ පිළිබඳව කාරක සභාවේදී දීර්ඝ ලෙස සාකච්ඡා විය. අදාළ චංචනික ක්‍රියාවලට සම්බන්ධ පුද්ගලයන් කිසිදු දඩුවමකින් තොරව නැවතත් එම සමිතිවල තනතුරුවලට පත් වීම ඇතුළු ගැටලු
පිළිබඳව මන්ත්‍රීවරු මෙහිදී කරුණු ඉදිරිපත් කරනු ලැබුවා.

පවතින නෛතික දුර්වලතා ඇතුළු අනෙකුත් අඩුපාඩු කඩිනමින් විසඳීම පිළිබඳව අමාත්‍යවරයා කරුණු විමසීම් සිදුකරමින් අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා.

මහපොළ ශිෂ්‍යාධාර ලබා ගත් ආදි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ සංගමයක් අභිනවයෙන් පිහිටුවා ඇති බවත්, ඒ සඳහා දායකත්වය ලබා දෙමින් සියලු ආදි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට එක් වන ලෙසත් අමාත්‍යවරයා පවසා සිටියා.

ඒ අනුව අනාගත ශිෂ්‍ය ප්‍රජාවේ උන්නතිය සඳහා වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට මෙම සංගමයට හැකි
වනු ඇති බවත් වැඩිදුරටත් ඔහු සඳහන් කළා.

සමාගම් රෙජිස්ටාර් දෙපාර්තමේන්තුවේ තොරතුරු පද්ධතිය නවීකරණය කිරීම සහ කාර්යක්ෂමතාවය වැඩි කිරීම, නිදහස් වෙළඳ ගිවිසුම් පිළිබඳව වන කරුණු ඇතුළු මෙම විෂය ක්ෂේත්‍රයට අදාළ ගැටලු පිළිබඳව ද කාරක සභාවේදී අවධානය
යොමු වුණා.

වෙළෙඳ, වාණිජ සහ ආහාර සුරක්ෂිතතා නියෝජ්‍ය අමාත්‍ය ආර්.එම් ජයවර්ධන සහ සමූපකාර සංවර්ධන ගරු නියෝජ්‍ය අමාත්‍ය උපාලි සමරසිංහ ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් ද, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශය සහ ඒ යටතේ පවතින ආයතන නියෝජනය කරන නිලධාරීහු පිරිසක් ද මෙම කාරක සභා
රැස්වීමට සහභාගී වුණා.

  1. අදහස හොදයි හැබැයි ඕවා වෙන්නේ නැ අපේ සුලු හා මධය පරිමාන වියාපාර දියුනු කරගන්න කියලා 5% ලොන් එක දෙනවා කිවට එවා අපිටනම් ගන්න ලෙසි නැ හම්බ වෙන්නෙත් නැ 🥲 ගොවි සන්විදාන හරහා ගමකට එකක් වගේ ගමක පුලුවම් කෙනෙක් ගන්න කියලා පහඩු ගෙවිමේ ක්‍රමයකට ලබා දුන්නොත් අස්වැන්න අවශය ප්‍රමානයට වියලා ගබඩා කරන්න පුලුවම් …… කොලබ ඉදම් කීවට ඕවා ගොවියෝ ගාවට එද්දී ඔය හැම ක්‍රම වේදෙම වෙනස් වෙලා එන්නේ ?



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතරගම කිරිවෙහෙර පුද බිමට විශාල ජනගඟක් ඇදෙයි
00:10
Video thumbnail
අපි මේ කුණකට අත ගහලා තියෙන්නේ - අපි අමුණු කැලෑ අස්සේ රිංගලා ගියා.. ප්‍රශ්නය දැක්කා
06:42
Video thumbnail
හිතාමතා කරන අල්ලස, දූෂණය, වංචාවට කිසිසේත්ම ඉඩකඩ නෑ..ආනන්ද විජේපාලගෙන් සැර කතාවක්
12:36
Video thumbnail
මනමාල ජෝඩුව වෙනුවට රැග් කන්න වුණ දෙමව්පියෝ - අවු:42ම පළවෙනි වතාවට දැක්කේ මෙහෙම
02:30
Video thumbnail
වසර 7කට පමණ පසු නැවත ඇරඹෙන යාපහුව ශ්‍රී දළදා මහ පෙරහර
03:40
Video thumbnail
චමින්ද විජේසිරිගේ පියාගේ අභාවය වෙනුවෙන් ගිය සජිත් සංවේදී වූ අයුරු
01:52
Video thumbnail
"නයි හාමි කරදර නොකර යන්න.."
01:19
Video thumbnail
ජාතිවාදී ආගම්වාදි ගැටුමකට යළි ශ්‍රී ලංකාවේ ඉඩ දෙන්නේ නෑ - දක්ෂතම මානව සම්පත අප සතුව තියෙනවා
06:28
Video thumbnail
පෙරහරට කලින් නුවරට වහින මහ වැස්ස..
00:11
Video thumbnail
ලොවම කම්පා කරමින් නේපාලයට ගලා ආ මහ ගංවතුර
01:42