spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

වී මිලදී ගැනිම සම්බන්ධව මහින්ද අමරවීර කියූ කතාව

වී අලෙවි මණ්ඩලය විසින් 2016 වසරෙන් පසු ඇතැම් කන්නවල වී ඇටයක්වත් මිල දී ගෙන නැති අවස්ථාත් වාර්තා වී තිබෙනවා යැයි කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා පවසයි.වී අලෙවි මණ්ඩලය විසින් 2016 වසරෙන් පසු සමහර යල කන්නවල දී වී මෙටි්‍රක් ටොන් 3000කට වඩා වැඩිපුර වී මිල දී ගෙන නැහැ.

තමා පසුගිය වසර පහක දත්ත සොයා බැලූ බවත් ඒ අනුව 2016-/ 17 යල හා මහ කන්න දෙකේම වී ඇටයක්වත් මිල දී ගෙන නැති බවත් 2018 යල කන්නයේ වී මෙටි්‍රක් ටොන් 2082ක් මිල දී ගත්තත් 2019 යල කන්නයේ වී මිල දී ගෙන නැති බවත් හෙතෙම පවසයි. 2020 යල කන්නයේ වී මෙටි්‍රක් ටොන් 3082ක් මිල දී ගෙන ඇති බවත් ගොවීන් විසින් වගා කරන වීවලින් සියයට සියයක්ම වී අලෙවි මණ්ඩලය මිල දී ගන්නේ නැති බවත් සමස්ත වී අස්වැන්නෙන් සියයට 02ත් – 10ත් අතර ප්‍රමාණයක් පමණක් මිල දී ගන්නා බවත් අමරවීර මහතා සඳහන් කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?