AFC Banner
AFC Banner
Empty Ad

විහාරගලින් පස් කන්දක් කඩාවැටී කොළඹ – බදුල්ල මාර්ගයේ එක් මංතීරුවක් වැසේ

පවතින අධික වර්ෂාවත් සමඟ කොළඹ – බදුල්ල ප්‍රධාන මාර්ගයට හපුතලේ විහාරගල ප්‍රදේශයෙන් පස් කන්දක් කඩාවැටී තිබෙනවා.

මේ හේතුවෙන් එම මාර්ගයේ එක් මංතීරුවක් සම්පූර්ණයෙන්ම පස්වලින් වැසී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මේ අතර හපුතලේ සහ හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අද (12) නාය යෑමේ අනතුරු ඇඟවීම් (කහ) නිවේදන නිකුත්කර තිබෙනවා.

එමෙන්ම පවතින වර්ෂාව සහ රාත්‍රී කාලයේ පවතින මීදුම හේතුවෙන් හපුතලේ ප්‍රදේශයේ මාර්ගවල රිය ධාවනයේ දී විමසිලිමත්වන ලෙස රියදුරන්ට දැනුම් දෙනවා.

මේ අතර අද (12) පස්වරුවේ දිවයිනේ බොහෝ පළාත්වල තැනින් තැන ගිගුරුම් සහිත වැසි හටගෙන ඇති බව වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
3
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?