විසිතුරු පැළ තොගයක් රැගෙන ආ කතුන් දෙදෙනෙක් ගුවන්තොටේ දී අල්ලයි

නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ විසිතුරු පැළ තොගයක් සහ ඒවා මෙරටට රැගෙන ආ කාන්තාවන් දෙදෙනෙක් රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන්, ජෛව විවිධත්ව, සංස්කෘතික හා ජාතික උරුමයන් සුරක්ෂණ අංශයේ නිලධාරීන් සහ කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් එක්ව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අද (07) අලුයාම මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ තායිලන්තයේ බැංකොක් නුවර සිට පැමිණි ශ්‍රී ලාංකික කාන්තාවන් දෙදෙනෙක්.

සැකකාර කාන්තාවන් දෙදෙනා විසින් රුපියල් ලක්ෂ දහයක් පමණ වටිනා විසිතුරු පැළ තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙනවිත් තිබෙනවා.

අත්අඩංගුවට ගැනුණු සැකකාරියන් කොළඹ සහ ප්‍රදේශයේ පදිංචි 45 සහ 40 යන වයස්වල පසුවන්නියන්.

මොවුන් අද (07) අලුයම 12.35ට තායිලන්තයේ බැංකොක් නුවර සිට තායි ගුවන් සේවයේ ටී.ජී.- 307 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

ඔවුන් විසින් රැගෙන ආ ගමන් මළු තුළ විසිතුරු පැළ 436ක් සඟවා ගෙන නීති විරෝධී ලෙස මෙරටට රැගෙනවිත් තිබිය දී මෙලෙස සොයාගෙන තිබෙනවා.

මෙම පැළ රැගෙන ඒමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ආනයනය බලපත්‍ර ලබාගෙන නොතිබුණු අතර, ඊට අමතරව ශ්‍රී ලංකාවේ වනජීවී සහ වෘක්ෂලතා ආඥා පනතේ සහ ශාක නීරෝධායන පනතේ විධිවිධාන උල්ලංඝනය කරමින් මෙම පැළ තොගය රැගෙන විත් තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
4
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?