විශේෂ තීරණ කිහිපයක් ගන්න කොවිඩ් මර්ධන කමිටුව අද රැස්වේ

කොවිඩ් මර්දන විශේෂ කමිටුව අද රැස්වීමට නියමිතව තිබෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් එම කමිටුව රැස්වීමට නියමිත බව වාර්තා වේ.

දැනට ක්‍රියාත්මක පළාත් අතර සංචරණ සීමා ලබන 31 වනදා අලුයම 04.00 සිට ඉවත් කිරීමට පසුගියදා පැවැති කොවිඩ් මර්දන විශේෂ කමිටුවේදී තීරණය කරනු ලැබුවා.

සංචරණ සිමා ඉවත් කිරීමෙන් පසු පළාත් අතර බස්රථ ධාවනය සහ දුම්රිය ධාවනය සම්බන්ධයෙන් අද පැවැත්වෙන කොවිඩ් මර්දන විශේෂ කමිටු රැස්වීමේදී තීරණයක් ගන්නා බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම සඳහන් කළේ.

උපකාර පංති යළි ආරම්භ කිරීම සම්බන්ධයෙන් ද අද පැවැත්වෙන කොවිඩ් මර්දන විශේෂ කමිටු රැස්වීමේදී අවසාන තීරණයක් ගැනීමට නියමිත බව වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?