AFC Banner
Empty Ad
Empty Ad

විශේෂ කටයුතු සඳහා පමණක් වාහන 6900ක් මෙරටට

වාහන ආනයන තහනමෙන් පසු විශේෂ කටයුතු සඳහා පමණක් වාහන 6900 කට ආසන්න ප්‍රමාණයක් මෙරටට රැගෙන ඒමට අවසර දුන් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි

2020 වර්ෂයේදී වාහන ආනයන සීමා පැනවීමෙන් පසු විශේෂ කටයුතු සඳහා පමණක් වාහන 6900 කට ආසන්න ප්‍රමාණයක් මෙරටට රැගෙන ආ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

ඊයේ සවස යටියන්තොට මලල්පොල ප්‍රදේශයේ පැවති ආගමික උත්සවයකට සහභාගී වූ අවස්ථාවේ මාධ්‍යවේදීන් යොමුකළ ප්‍රශ්නවලට පිලිතුරු ලබාදෙමින් මේ බව ප්‍රකාශ කළා.

මෙහිදී තවදුරටත් අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ එම වාහන වලින් 3000 ක්ම පොලිස් දෙපාර්තමේන්තුවට රැගෙන ආ ත්‍රිරෝද රථ හා ජීප් රථ බවයි. එසේම ගිලන් රථ , පොදු ව්‍යාපෘති වලට අවශ්‍ය රථ , තානාපති කාර්යාල වලට අවශ්‍ය රථ ආදි පොදු අවශ්‍යතාවයන්ට හැරුණූකොට වෙනත් කිසිදු වාහනයක් ගෙන්වීමට අවසර ලබා නොදුන් බවද අමාත්‍යවරයා සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
13
+1
1
+1
1
+1
0
+1
3
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?