විශේෂ කටයුතු සඳහා පමණක් වාහන 6900ක් මෙරටට

වාහන ආනයන තහනමෙන් පසු විශේෂ කටයුතු සඳහා පමණක් වාහන 6900 කට ආසන්න ප්‍රමාණයක් මෙරටට රැගෙන ඒමට අවසර දුන් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි

2020 වර්ෂයේදී වාහන ආනයන සීමා පැනවීමෙන් පසු විශේෂ කටයුතු සඳහා පමණක් වාහන 6900 කට ආසන්න ප්‍රමාණයක් මෙරටට රැගෙන ආ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

ඊයේ සවස යටියන්තොට මලල්පොල ප්‍රදේශයේ පැවති ආගමික උත්සවයකට සහභාගී වූ අවස්ථාවේ මාධ්‍යවේදීන් යොමුකළ ප්‍රශ්නවලට පිලිතුරු ලබාදෙමින් මේ බව ප්‍රකාශ කළා.

මෙහිදී තවදුරටත් අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ එම වාහන වලින් 3000 ක්ම පොලිස් දෙපාර්තමේන්තුවට රැගෙන ආ ත්‍රිරෝද රථ හා ජීප් රථ බවයි. එසේම ගිලන් රථ , පොදු ව්‍යාපෘති වලට අවශ්‍ය රථ , තානාපති කාර්යාල වලට අවශ්‍ය රථ ආදි පොදු අවශ්‍යතාවයන්ට හැරුණූකොට වෙනත් කිසිදු වාහනයක් ගෙන්වීමට අවසර ලබා නොදුන් බවද අමාත්‍යවරයා සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගොවියා කුඹුරෙන්ම ජීවත්වෙන්න හිතන්න හොඳ නෑ - ලාල් කාන්ත මොකද්ද මේ කියන්නේ
04:38
Video thumbnail
සජිත්ට මිනිස්සුන්ගෙන් ලැබුණු ආදරය - කට්ටිය බදාගයි..වීරවිල චෛත්‍යයකට මුල් ගල් තැබීමට ගිය සජිත්
03:22
Video thumbnail
වී මිල මදියි කියලා ලාල් කාන්තම පිළිගනී
07:47
Video thumbnail
කච්චිමඩුව වැව ප්‍රතිසංස්කරණය ලාල් කාන්තගේ අතින් ඇරඹේ
01:08
Video thumbnail
ලක්ෂ 10ක් විතර වියදම් කළා - මෙහෙම වෙයි කියලා හිතුවේ නෑ
03:48
Video thumbnail
වතුර නැතුව ගොවීන් අමාරුවේ වැටෙයි - වෙන මොකුත් එපා, වතුර තමයි ඕනේ
01:08
Video thumbnail
ගැස්ට්‍රයිටීස් රෝගයට හොඳම බෙහෙත - රාජපුර පංචබල අමෘත පානය
04:16
Video thumbnail
බස් එකේ ගල් ඉබ්බන් අරගෙන ගිය පුද්ගලයා අත්අඩංගුවට
01:03
Video thumbnail
අශ්වබල 85ට වඩා වැඩි බෝට්ටු ග්‍රෙගරි වැවෙන් ඉවත් කිරිමට තීරණයක්..යුද්දයකට යනවා වගේ බෝට්ටු යන්නේ
04:31
Video thumbnail
අගවිනිසුරුතුමාට මඩ ගහන එක අපි තරයේ හෙළා දකිනවා
03:09