විශේෂඥ වෛද්‍යවරුන්ගේ සේවා කාලය වයස අවුරුදු 63 දක්වා දීර්ඝ කිරීමට ගැන අධිකරණයට දැනුම් දීමක්

රාජ්‍ය සේවයේ නියුතු විශේෂඥ වෛද්‍යවරුන්ගේ සේවා කාලය වයස අවුරුදු 63 දක්වා දීර්ඝ කිරීමට අදාළ චක්‍රලේඛය මෝසමක් මාර්ගයෙන් අධිකරණය හමුවේ ගොනු කරන බව නීතිපතිවරයා අද අභියාචනාධිකරණයට දැනුම් දී තිබෙනවා.

විශේෂඥ වෛද්‍යවරුන් වයස අවුරුදු 60 දී අනිවාර්ය විශ්‍රාම ගැන්වීමට අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා විශේෂඥ වෛද්‍යවරු 176 දෙනෙකු විසින් ගොනු කළ පෙත්සම අද කැඳවූ අවස්ථාවේදීයි මෙම දැනුම් දීම සිදු කෙරුණේ.

පෙත්සම අද අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ එම්.සී.බී.එස්. මොරායස් යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී රජයේ නිතිඥවරිය සඳහන් කළේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සේවා කාලය වයස අවුරුදු 63 දක්වා දීර්ඝ කිරීමට රජය තීරණය කර ඇති බවත් ඊට අදාළව සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් නිකුත් කරන චක්‍රලේඛයේ අන්තර්ගත කරුණු මෝසමක් මාර්ගයෙන් අධිකරණය හමුවේ ගොනු කිරීමට අපේක්ෂා කරන බවයි.

එම මෝසමක් ගොනු කිරීම සඳහා කල් ලබාදෙන ලෙසද රජයේ නීතිඥවරිය අධිකරණයෙන් ඉල්ලා සිටියා.

ඒ අනුව පෙත්සම නැවත සැප්තැම්බර් මස 25 වනදා කැඳවීමට නියම කළ අධිකරණය එදිනට පෙර අදාළ මෝසම ගොනු කිරීමට පියවර ගන්නා ලෙසත් රජයේ නීතිඥවරියට දැනුම් දුන්නා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මොන ප්‍රතිවිරෝධ ආවත් ගත් තීන්දු ආපසු හරවන්නේ නැහැ - ජනපති කිව්ව සැර කතාව
06:08
Video thumbnail
පවතින ක්‍රමය අසාර්ථකයි..එල්නිනෝ මාර්තු ආවනම් ලොකු අමාරුවක වැටෙනවා
08:38
Video thumbnail
ලොවම කම්පා කරමින් නේපාලයට ගලා ආ මහ ගංවතුර - සංවේදී අය නැරඹීමෙන් වළකින්න..!
02:48
Video thumbnail
පෙරහරට කලින් නුවරට වහින මහ වැස්ස.."ඊයේ හොඳයි වගේ.."මිනිස්සු තෙමෙනවා
00:16
Video thumbnail
YouTube Interviewවලට අපි උත්තර දෙන්නේ නෑ - සමාජයට හානිකරන මිනිස්සු එළියට එවන්න නෙවෙයි හදන්නේ
04:17
Video thumbnail
කච්චිමඩුව වැව ප්‍රතිසංස්කරණය ඇමති ලාල් කාන්තගේ අතින් ඇරඹේ
00:53
Video thumbnail
වතුර නැතුව ගොවීන් අමාරුවේ වැටෙයි
01:04
Video thumbnail
බස් එකේ ගල් ඉබ්බන් අරගෙන ගිය පුද්ගලයෙක් අත්අඩංගුවට
00:59
Video thumbnail
එකපාරටම පාරට පැන්න බල්ලෙක් නිසා සිදු වූ අනතුර
00:28
Video thumbnail
දක්ෂිණ අධිවේගී මාර්ගයේ දැඩි රථවාහන තදබදයක්
01:22