විශාල පිරිසකට දිවි අහිමි කළ පස්සර බස් රථ අනතුරේ රියදුරු හදිස්සියේ මියයයි

බදුල්ල – ලුණුගල මාර්ගයේ පස්සර ප්‍රදේශයේ දී පසුගිය මාර්තු 20 වනදා අනතුරකට ලක්වූ බස් රථයේ රියදුරු මිය ගොස් තිබෙනවා.

ඒ හදිසි හෘදයාබාධයක් හේතුවෙන්.

නිවසේදී හදිසියේ රෝගාතුරවූ ඔහු පළමුව බුත්තල රෝහලටත්, පසුව වැල්ලවාය රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මීට ටික කළකට පෙර මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

ඔහුගේ අවසන් කටයුතු සිදුකර ඇත්තේ කොරෝනා ආසාදනය වී ඇත්දැයි පරීක්ෂාවකට ලක් කර එලෙස ආසාදිතයෙකු නොවන බව දැනගැනීමෙන් අනතුරුවයි.

ලු‍ණුගල – බදුල්ල මාර්ගයේ පස්සර 13 කණුව ප්‍රදේශයේදී ප්‍රපාතයකට පෙරලී සිදුවූ එම බස් රථ අනතුරෙන් පුද්ගලයන් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

ළමයින් පස් දෙනෙකු ද ඇතුළුව 33 දෙනෙකු අනතුරෙන් තුවාල ලැබූ අතර, කාන්තාවන් 13 දෙනෙකු ද ඊට අයත්.

මේ අතර අනතුර සිදුවන අවස්ථාව වන විට බස් රථයේ සහ මාර්ග බලපත්‍රයේ හිමිකාරීත්වය දැරූ ව්‍යාපාරිකයා රක්ෂණ වන්දි ලබාගැනීමේ ගැටළුවකට මුහුණදී සිටිනවා.

ඒ,  මීට පෙර මාර්ග බලපත්‍රය සහ බස් රථය හිමිව තිබූ පුද්ගලයාගේ නමට අනතුර සිදුවන අවස්ථාවේදී බස් රථයේ හිමිකාරත්වය පැවතීම හේතුවෙන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?