AFC Banner
AFC Banner
Empty Ad

විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම්පත් යොමුකරන්නන්ට විභාග දෙපාර්තමේන්තුවෙන් දැනුම් දීමක්

2022 අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාග ප්‍රතිඵල මත පදනම්ව විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම්පත් යොමු කිරීමේ දී එක්දින සේවාව මඟින් නිකුත් කරන සහතික පත්‍රය අවශ්‍ය නො වන බව විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

ඒ, අනුව පාසල් අයදුම්කරුවෙකු නම් විදුහල්පතිවරයා විසින් නිකුත් කරන ප්‍රතිඵල සහතිකය හෝ දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියේ සඳහන් ප්‍රතිඵල තහවුරු කර ගැනීම යටතේ මුදල් ගෙවා ලබාගත් ප්‍රතිඵල තහවුරු කිරීමේ ලේඛනය ප්‍රමාණවත් බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.

බාහිර අයදුම්කරුවෙකු නම් විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියෙහි සඳහන් ප්‍රතිඵල තහවුරු කර ගැනීම යටතේ මුදල් ගෙවා ලබාගත් ප්‍රතිඵල තහවුරු කිරීමේ ලේඛනය ප්‍රමාණවත් බවයි විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?