විශ්වවිද්‍යාලයක් තුළ වෙඩිතැබීමක් පුද්ගලයින් 14 ක් ජිවිතක්ෂයට

විශ්වවිද්‍යාලයක් තුළ සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයින් 14 දෙනෙකු මියගොස් තිබෙනවා.

ඒ චෙක් ජනරජයේ ප්‍රාග් අගනුවර කලා පීඨයේ ගොඩනැගිල්ලක් තුළ දී වෙඩිතැබීම සිදුවී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

තවත් 25 දෙනෙකු තුවාල ලබා ඇති බවද වාර්තා වෙයි. මෙහිදි ඇතැම් පුද්ගලයන් වෙඩි වැදීමෙන් බේරීම සඳහා ගොඩනැගිල්ලෙන් පිටතට පනින අයුරු ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.

ප්‍රාග් නගරයේ කෑළෑබඳ ප්‍රදේශයක පසුගිය සතියේ පුද්ගලයින් දෙදෙනෙකු ඝාතනය කිරිමේ සිද්ධියට ද මෙම වෙඩිතැබීම සිදුකළ පුද්ගලයා සම්බන්ධ බවයි. වෙඩිතැබීම සිදුකළ 24 හැවිරිදි පුද්ගලයා ද පොලිස් වෙඩි පහරින් මියගොස් තිබෙනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?