විරෝධතා සැලකිල්ලට ගෙන නැවත පරීක්ෂා කර සුදුසුම අයවෙත ප්‍රතිලාභ

අඩු ආදායම්ලාභී පවුල්සදහා සැකසූ අස්වැසුම සමාජ සුබ සාධන වැඩසටහන යටතේ මේ වන විට සකස් කර ඇති ප්‍රතිලාභී ලේඛණ අවසන් නාම ලේඛණ නොවන බවත්, ඒ වෙනුවෙන් විවිධ දිශාවලින් පැමිණි විරෝධතා සැලකිල්ලට ගෙන නැවත පරීක්ෂා කර සුදුසුම අයවෙත ප්‍රතිලාභ ලබාදීමට රජය සූදානම් බවත් එම වරප්‍රසාදය 30 % නුසුදුසු පිරිසකට හිමිවී ඇති බව දැක්වූ විරෝධතා අද සැලකිල්ලට ගෙන ඇති බව ඉකුත් 28 වන දින පැවති දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී ක්‍රීඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා පැවැසීය.

තවදුරටත් අදහස් දැක්වූ දිසානායක අප රජය නියෝජනය කළද රටේ මහජනතාවට යම් හෝ අසාධාරණයක් සිදුව ඇත්නම් ඒ සියල්ල පසෙක තබා ජනතාව වෙනුවෙන් අවැසි පියවර ගැනීමට තමන් කිසිවිටකත් පසුබට නොවන බව කියා සිටි ඒ මහතා මේ වෙනුවෙන් මාධ්‍ය මගින් විශාල හඩක් රටතුළ ගොඩනැගීමට හැකිවූ බවද කියා සිටි

ක්‍රීඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක,

‘‘ එස්.එම්.මරික්කාර් මන්ත්‍රීතුමන් දින පහක් බැංකු වසා තබා රජය බැංකු ගේමක් ගහන්න හදනවා කියලා.. මේකේ ඇත්තම කතාව රට වැටුණ තැනින් උපාය මාර්ගිකව ණය ප්‍රතිව්‍යුහගත කිරීම තමයි මේ සිද්ධ වෙන්නේ විපක්ෂයේ ඉන්න කොට කරන හැම දෙයක්ම අකැප ලෙසයි පෙනෙන්නේ ඒක හැටියක්… අපි හොද දෙයට හොද කියන්නත් නරක දෙයට නරක කියන්නත් සූදානම් විය යුතුයි. අස්වැසුම සමාජ සුබ සාධක වැඩපිලිවෙල ක්‍රියාවට නැංවීමේදී කොතැනක හෝ යම් වරදක් සිදුව තිබෙනවා ඒ නිසා එම ගැටලුව අප පිලිගත යුතුයි. මේ රජය ජනතාවට සංවේදි රජයක් අපේ හඩට ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා මේ නිසා සමෘද්ධි හා ග්‍රාම නිලදාරී මහත්ම මහත්මීන් පත්වූ අපහසුතාවය පිලිබදව අප කණගාටුවෙනවා. ඔවුන්ගේ වෘත්තිය භාවයන් රැකදීම අපගේ අරමුණක්. නැවත සුදුස්සන් වෙත මෙම ප්‍රතිලාභ ලබාදීමේ වැඩසටහන ක්‍රියාවට නංවා තිබෙනවා. මේ නිරික්ෂණ දේශපාලන බලපෑම්වලින් තොරව විනිවිද භාවයෙන් යුක්තව ක්‍රියාවට නැංවීම රජයේ අරමුණයි. තම දේශපාලන අරමුණු ඉටුකරගැනිමට දේශාපාලන වේදිකාවක් හදා ගැනීමට උත්සකවීම නොව රට වැටුණ තැනට සාප නොකරකරමින් මේ මොහොතේ මහජන නියෝජිතයින් වශයෙන් අප සැමගේ කාර්යභාරය රටෙහි ආර්ථිකය නගා සිටුවීමට අවැසි පියවර ගනිමින් රට ගොඩනැගීමට අවැසි ශක්තිය ගරු ජනාධිපතිතුමන් වෙත ලබාදිම බවත් දිසානායක මහතා කියා සිටියේය.

මෙම අවස්තාවට මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ ගමගේ, පාර්ලිමේන්තු මන්ත්‍රි නාලක බණ්ඩාර කෝට්ටේගොඩ, දිස්ත්‍රික් ලේකම් තේජානි තිලකරත්න ඇතුළු නිලධාරීන් රැසක් සහභාගි විය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොරැල්ලේ තොරණ් රාජයා අගමැති හරිනිගේ සුරතින් විවෘත කළ අයුරු..තොරණ බලන්න විශාල සෙනඟක් ඇවිත්
03:00
Video thumbnail
විශේෂ කාර්යය බලකායේ නිලධාරීන් එකතුවෙලා දුන්න දන්සල..හකුරු සමඟ බෙලිමල්
01:42
Video thumbnail
දිලිත්ගේ රොටී දන්සලට ඉරාජ් එයි"රොටියක් කාලා යන්න ආවා.."නයයි රොටියයි අතාරින්නෙම නෑනේ..
03:45
Video thumbnail
"ආහාරය සෞඛ්‍යාරක්ෂිත නැත්තම් දන්සල එම මොහොතෙම නවත්තනවා"දන්සල් PHI නිලධාරින් පරීක්ෂා කරයි
04:40
Video thumbnail
බැටරි බලශක්ති ගබඩා පද්ධති 6ක් කොළඹ වරායට ගෙනා අයුරු
01:39
Video thumbnail
බැටරි බලශක්ති ගබඩා පද්ධති 6ක් කොළඹ වරායට ගෙනා අයුරු..දවල්ට ගබඩා කරගෙන රෑට බෙදනවා
02:10
Video thumbnail
විද්‍යාර්ථ - මලියදේව අතර ගැටුම ගැන සියලු තොරතුරු එළියට.."වරින් වර නොමනා හැසිරීම් අපි දැක්කා"
10:34
Video thumbnail
"මේ පිඟන් දිගටම පාවිච්චි කරන්න එපා"ගලෙන්බිඳුණුවැවේ දන්සල් PHI නිලධාරින් ඇවිත් පරීක්ෂා කරයි
04:47
Video thumbnail
වෙසක් පෝය නිමිත්තෙන් බදුල්ලේ පැවැත්වූ විශාලම බත් දන්සල..දහස් ගණනින් ජනතාව පැමිණෙයි
01:53
Video thumbnail
රවින්ද්‍ර යසස් ආණ්ඩුව ගැන කිව්ව අමුතු සිංදුව..මිලියන 23 යයි වතුරේ..හුන්ඩුව ඇයි තනිකර දැමුවේ..
01:03