විරෝධතා භූමියේදී තරුණියකගෙන් පොලිසියට රෝස මලක්

අද (8) පස්වරුවේ පාර්ලිමේන්තුව අසල ඇති මාර්ග බාධකය අසල සිටි පොලිස් නිලධාරීන්ට විරෝධතාවයේ යෙදුණු තරුණියක රෝස මලක් ලබා දුන්නාය.
“ඔයාලටත් නංගිලා,මල්ලිලා,අක්කලා,අයියලා ඇති නේ. ඒ වෙනුවෙන් මේ රෝස මල ගන්න” යනුවෙන් ඇය එහිදී පැවසුවාය.
කෙසේ නමුත්, ඉන් පසුව පාර්ලිමේන්තුව අසල විරෝධතාවය නිරත සරසවි සිසුන් විසුරුවා හැරීමට පොලිසියෙන් ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කරන ලදි.

https://youtu.be/CH5rZExDA6I


අපගේ නවතම වීඩියෝ පුවත්