Empty Ad
Empty Ad
AFC Banner

විරෝධතා පාලනයට PTI සාමාජිකයන් 1200ක් අත්අඩංගුවට ගැනේ

හිටපු අගමැති ඉම්රාන් ඛාන් විසින් ආරම්භ කරන ලද පක්ෂය දැවැන්ත රට පුරා විරෝධතා සඳහා සූදානම් වෙමින් සිටියදී, ජාතික සහ පළාත් සභා සාමාජිකයින් ඇතුළු පකිස්ථාන ටෙහෙරීක්-ඊ-ඉන්සාෆ් (පීටීඅයි) සාමාජිකයන් 1200ක් පකිස්ථාන ආරක්ෂක අංශ භාරයේ රඳවා ගෙන සිටින බව වාර්තා වනවා.

එරට මාධ්‍ය වාර්තා කරන ආකාරයට, පක්ෂයේ කැඳවීමට ප්‍රතිචාර වශයෙන් ඉස්ලාමාබාද් දෙසට ගමන් කරමින් සිටියදී ඔවුන් ආරක්ෂක අංශ භාරයට ගෙන තිබෙනවා.

රඳවාගෙන සිටින අය අතර පක්ෂයේ ඉහළ පෙළේ නායකයින් ද සිටින බව සඳහන්.

බලධාරීන් විසින් රාවල්පිණ්ඩි සහ ඉස්ලාමාබාද් යන ද්විත්ව නගරවල ඇතුල්වීමේ සහ පිටවීමේ ස්ථාන මුද්‍රා තබා ඇතැයි ද මාධ්‍ය වාර්තා කළා.

විරෝධතා මැඩ පැවැත්වීම සඳහා විශේෂයෙන් ඉස්ලාමාබාද්හි ප්‍රදේශ කිහිපයක ජංගම සහ අන්තර්ජාල සේවා අත්හිටුවා ඇතැයි ද සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?