විරෝධතාකරුවන් පිරිසකට අධිකරණයෙන් නියෝගයක්

අද (24) සංවිධානය කර තිබෙන සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර සහ විරෝධතාකරුවන් පිරිසක් විරෝධතාවයකට අදාළව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කර තිබේ.

පොල්දූව වටරවුමේ සිට පාර්ලිමේන්තු මාර්ගය ඔස්සේ මාර්ගය අවහිර කරමින් පාර්ලිමේන්තු ප්‍රධාන දොරටුව අවහිර කරමින් සහ පාර්ලිමේන්තුවට පිවිසිය නොහැකි ලෙස ප්‍රධාන මාර්ගය අවහිර කරමින් විරෝධතාවය පැවැත්වීමට නියමිත බවට වැලිකඩ පොලීසියට ලද තොරතුරක් මත ස්ථානාධිපතිවරයා විසින් කළ ඉල්ලීමක් අනුව අධිකරණය එම නියෝගය ලබාදී තිබේ.මහජනතාවට හා පදිකයින්ට අවහිර වන සේ කිසිදු මාර්ගයක් හරස් කර හෝ ප්‍රචණ්ඩක්‍රියා නොකිරීමටත්, මහජන නියොජිතයින්ගේ පාර්ලිමේන්තු වරප්‍රසාදයන් උල්ලංඝනය වන අයුරින් හා රාජකාරියේ යෙදී සිටින රාජ්‍ය නිලධාරීන්ගේ රාජකාරි සඳහා බාධාවක් සිදුවන අයුරින් හෝ කිසිදු පුද්ගලයෙකුට අවහිරයක් නොවන අයුරින් අදාළ උද්ඝෝෂණය සිදුකිරීමට වගබලාගත යුතු බව අධිකරණය දැනුම්දී තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?