වියළි කාලගුණ තත්ත්වයේ වෙනසක් අද සිට

දිවයිනේ දැනට පවතින වියළි කාලගුණ තත්ත්වයේ වෙනසක් අද (21) දින සිට අපේක්ෂා කල හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

නැගෙනහිර, ඌව සහ උතුරු පළාත්වල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව සඳහන්.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු, වයඹ සහ උතුරු-මැද පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව පවසනවා.

සබරගමුව පළාතේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකියි.

සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කෙරේ.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නිකවැරටිය ජන රැලිය
00:00
Video thumbnail
ඔබේ අනාගතය විනාශ කරපු මිනිස්සුන්ගෙන් අපි තමයි මේ රට බේරාගත්තේ
03:43
Video thumbnail
ජනාධිපතිතුමා නිකවැරටිය අමතන්න ගැම්මෙන් වේදිකාවට ගොඩවෙයි
01:55
Video thumbnail
අවුරුදු 2න් ඔක්කොම කරන්න බෑ - අපි ආණ්ඩුව ගත්තේ අවුරුදු 5කට
11:41
Video thumbnail
ජනතාව බයවෙලා අනවශ්‍ය ලෙස තෙල් ගන්න එපා - ඇතිවෙන්න දෙන්නේ නෑ
07:04
Video thumbnail
අනුර ලවා මහින්දගෙන් පළිගන්නවා - අනුරගේ ආණ්ඩුව සුද්දගේ ආණ්ඩුවට වඩා නරකයි
06:53
Video thumbnail
ඥානසාර හිමියන් නිදහස් කරන්න කියලා පානදුර මිනිස්සු අත්සන් තබයි
00:47
Video thumbnail
ජනාධිපතිතුමා, ඔයා බබා - සිවුරක් ගලවලා මුළු රටම කැලඹිලා
02:06
Video thumbnail
ලයිසන් එක ඉල්ලුවාම මට ග#න්න එනවා - මට ඕනේ මගේ ලයිසන් එක
02:13
Video thumbnail
සුඛෝපභෝගී බස් රථයක් මහ පාරේ ගිනිගෙන අළුවෙයි
01:43