විමල්ගේ වත්කම් නඩුවට අධිකරණයෙන් දුන් තීන්දුව

අමාත්‍යවරයෙකු වශයෙන් කටයුතු කරමින් සිටියදී සිය නීත්‍යානුකූල ආදායම් ඉක්මවා රුපියල් මිලියන 75 කට අධික මුදල් හා වත්කම් උපයා ගැනීමේ චෝදනා මත හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාට එරෙහි නඩුවේ පුර්ව නඩු විභාග සම්මන්ත්‍රණය ලබන සැප්තැම්බර් 13 වැනිදා පැවැත්වීමට කොළඹ මහාධිකරණය අද (18) නියම කළේය.

2009 වසරේ සිට 2019 වසර දක්වා කාල සීමාව තුළ සිය ආදායම අභිබවා රුපියල් මිලියන 75 කට අධික වත්කම් සහ මුදල් අත්පත් කර ගැනීම තුළින් විත්තිකරු විසින් අල්ලස් පනත යටතේ දඬුවම් ලැබිය යුතු වරදක් සිදු කොට ඇති බවද අල්ලස් කොමිසම දැනුම් දී ඇත

මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී විත්තිකාර විමල් වීරවංශ මහතා අධිකරණයේ පෙනී සිටිියේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
23
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?