විමලසුරේන්ද්‍ර තවදුරටත් වාන් දමයි – මධ්‍යම කඳුකරයේ මාර්ග බ්ලොක් වෙයි

මධ්‍යම කඳුකරයට තවදුරටත් තද වැසි ඇදහැලෙන බැවින්; ප්‍රධාන මාර්ගවල රථවාහන ගමනාගමනයට දැඩි බාධා එල්ල වී තිබෙනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට තවදුරටත් ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් හැටන් – නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිපයක ම මාර්ගයට ආසන්නයේ පිහිටි තේ වතුවල පස් සේදී; ප්‍රධාන මාර්ගයේ රැඳීම නිසා මාර්ගයේ රථ වාහන ගමනාගමනයට බාධා පැමිණ ඇති බවයි.

එම මාර්ගයේ ගමන් ගත් යතුරුපැදියක් ද අද උදෑසන ලිස්සා ගොස් අනතුරට පත් වීමෙන් යතුරුපැදිකරු තුවාල ලබා දික්ඔය මුලික රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.

එමෙන්ම නෝටන් බ්‍රිජ් ප්‍රදේශයට ඇදහැලෙන අධික වර්ෂාවත් සමග විමලසුරේන්ද්‍ර ජලාශය තවදුරටත් වාන් දමන බවයි වාර්තා වන්නේ.

මේ අතර හෙට දහවල් 1න් පසුව දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇති වන බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එම වැසි ඇතැම් විට මිලිමීටර් 75 ඉක්ම වූ තද වැසි වීමේ හැකියාවක් ද පවතින බවටයි වාර්තා වන්නේ.

බස්නාහිර, සබරගමුව, වයඹ, මධ්‍යම සහ ඌව යන පළාත්වලට මෙම ඉහළ වර්ෂාපතනයක අවදානම පවතිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20
Video thumbnail
පන්සලේ විදුලි බල්බ නිවලා චෛත්‍යයේ කොත සහ චූඩාමාණික්‍යය හොරු උස්සලා
01:47
Video thumbnail
රුවන්වැලි මහසෑ නායක හිමියන් ළමා දිනය වෙනුවෙන් කළ අපූරු ක්‍රියාව
14:57
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06
Video thumbnail
සුනිත්‍ය බලශක්ති අධිකාරිය අද බුදියගෙන - වහල මත සූර්ය පැනල ගහන එකේ දොර වහන්න හදන්නේ
04:25