විමලසුරේන්ද්‍ර තවදුරටත් වාන් දමයි – මධ්‍යම කඳුකරයේ මාර්ග බ්ලොක් වෙයි

මධ්‍යම කඳුකරයට තවදුරටත් තද වැසි ඇදහැලෙන බැවින්; ප්‍රධාන මාර්ගවල රථවාහන ගමනාගමනයට දැඩි බාධා එල්ල වී තිබෙනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට තවදුරටත් ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් හැටන් – නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිපයක ම මාර්ගයට ආසන්නයේ පිහිටි තේ වතුවල පස් සේදී; ප්‍රධාන මාර්ගයේ රැඳීම නිසා මාර්ගයේ රථ වාහන ගමනාගමනයට බාධා පැමිණ ඇති බවයි.

එම මාර්ගයේ ගමන් ගත් යතුරුපැදියක් ද අද උදෑසන ලිස්සා ගොස් අනතුරට පත් වීමෙන් යතුරුපැදිකරු තුවාල ලබා දික්ඔය මුලික රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.

එමෙන්ම නෝටන් බ්‍රිජ් ප්‍රදේශයට ඇදහැලෙන අධික වර්ෂාවත් සමග විමලසුරේන්ද්‍ර ජලාශය තවදුරටත් වාන් දමන බවයි වාර්තා වන්නේ.

මේ අතර හෙට දහවල් 1න් පසුව දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇති වන බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එම වැසි ඇතැම් විට මිලිමීටර් 75 ඉක්ම වූ තද වැසි වීමේ හැකියාවක් ද පවතින බවටයි වාර්තා වන්නේ.

බස්නාහිර, සබරගමුව, වයඹ, මධ්‍යම සහ ඌව යන පළාත්වලට මෙම ඉහළ වර්ෂාපතනයක අවදානම පවතිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
2
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තිස්ස අත්තනායක මන්ත්‍රීවරුන්ට අනතුරු අඟවයි
21:31
Video thumbnail
තුෂාර නලින්දට දෙහි කපයි..පිළිකා ඖෂධ හිඟ වීමෙන් සෞඛ්‍යය තත්ත්වයන් උග්‍ර වෙලා
12:34
Video thumbnail
දූෂිතයින්ට මේ ආණ්ඩුවෙන් කිසිම සමාවක් නෑ
02:04
Video thumbnail
රජෙක් වගේ හිටපු මර්වින් බෝතලයක් උස්සගෙන අධිකරණයට ආ හැටි
01:49
Video thumbnail
බන්ධනාගාර නිලධාරීන්ගේ වත්කම් ගැන හොයන්න
05:35
Video thumbnail
පුලතිසි රාජා මෛත්‍රී ඉදිරියේ දනගැස්සූ හැටි
02:16
Video thumbnail
පොලිසිය ඇතුළේ මගේ නෝනට කරපු දේවල් මට ඉවසන්න බැහැ - කඩවත පොලිසිය ගැන ඇහෙන අමිහිරි කතාව
04:34
Video thumbnail
විපක්ෂයේ ප්‍රබලයෝ එකතුවෙයි - ආණ්ඩුවට දැන් ලේසි නෑ
16:04
Video thumbnail
පස් කන්දක් කඩා වැටී මුළු ගෙදරම විනාශයි ..
03:02
Video thumbnail
මනෝට යකා ආවේශ වී ආණ්ඩුවට දෙසයි..ලැජ්ජා නැද්ද අනිත් පක්ෂවලින් මන්ත්‍රීලා බාගන්න
11:51


?