විපතට පත් වූවන්ගේ ජල අවශ්‍යතාව සහතික කිරීමට ඉන්දියාවෙන් ආධාර

ආපදාවෙන් විපතට පත් මෙරට ජනතාවට සහන සැලසීමේ වැඩපිළිවෙළට අඛණ්ඩ සහාය පළ කරමින්, ඉන්දියාවේ මානුෂීය ආධාර රැගත් C-17 ගුවන් යානය ඊයේ (03) පස්වරුවේ මෙරටට ළගා වුණා.

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා විසින් මෙම සහනාධාර නිල වශයෙන් ශ්‍රී ලංකාව වෙත භාර දෙනු ලැබූ අතර ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ (DMC) හිටපු අධ්‍යක්ෂ සුනිල් ජයවීර, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ඉන්දික පුෂ්පකුමාර සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ඩයනා පෙරේරා යන අය විසින් එය භාර ගනු ලැබුවා.

පීඩාවට පත් ප්‍රදේශවල මාර්ග පද්ධතිය ප්‍රතිසංස්කරණය වෙනුවෙන් යකඩ බේලී පාලම් ටොන් 50ක්, පීඩාවට පත් ප්‍රදේශවල ජනතාවට ආරක්ෂිත පානීය ජලය සහතික කිරීම සඳහා එක් යන්ත්‍රයකින් ජලය ලීටර් 20ක් පිරිපහදු කළ හැකි ජල පිරිපහදු යන්ත්‍ර 500ක් සහ අත්‍යවශ්‍ය ඖෂධ තොගයක් මීට ඇතුළත් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?