විපතට පත්වූවන්ගේ මානසික සුවතාවය ඉහළ නැංවීමට Beyond Recovery ඇරඹේ

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත්වූවන්ගේ මානසික සුවතාවය ඉහළ නැංවීමේ අරමුණින් ආරම්භ කළ ‘Beyond Recovery’ නව වැඩසටහන යටතේ රාජ්‍ය නිලධාරීන් පුහුණු කිරීමේ මූලික වැඩමුළුව ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායකගේ ප්‍රධානත්වයෙන් ඊයේ (19) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණා.

මෙම වැඩමුළුව යටතේ ආපදාවට ලක්වූ ප්‍රධාන දිස්ත්‍රික් 06ක මානසික සුවය සම්බන්ධව අවබෝධයක් තිබෙන දිස්ත්‍රික් ලේකම් සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල නිලධාරීන් තෝරාගෙන ඔවුන් පුහුණු කිරීම මේ යටතේ සිදු කෙරෙන අතර, එම පුහුණු වැඩසටහන් මෙරට මානසික සුවතාවය පිළිබඳ ප්‍රවීනයන් විසින් සිදු කරනු ලබනවා.

ආපදාවට ලක්වූ දිස්ත්‍රික්කවල සුරක්ෂා මධ්‍යස්ථාන තුළ ක්‍රියාත්මක කළ යුතු විද්‍යාත්මක වැඩසටහන් සැකසීම මෙන්ම උපදේශන මාලාවන් නිර්මාණය කිරීම ඇතුළු මානසික උපදේශන වැඩසටහන් සම්බන්ධවද මෙම මූලික වැඩසටහනේදී සාකච්ඡා කෙරුණා.

ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනේ මුඛ්‍ය පරමාර්ථය වන්නේ මෙරට සමාජයීය ආචාරධර්ම සහ පාරිසරික යහපැවැත්ම උසස් මට්ටමකට ගෙන ඒම වන අතර, එය යථාර්ථයක් බව පත් කිරීමේ අරමුණින් මෙම ‘Beyond Recovery’ මානුෂීය මෙහෙයුම ආරම්භ කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හර්ෂ ආණ්ඩුවට හොඳත් කියයි, උපදෙසුත් දෙයි
09:21
Video thumbnail
ළිපකුත් උස්සගෙන මාධ්‍යයට ආ අසේල..එක මිටට, දර ළිපට, පොල් කටුවට..ඉතිරිලා ගිහින් තියෙන එකෙන් දීපන්කෝ
05:18
Video thumbnail
ජනපතිගේ සහන පැකේජ් එක දයාසිරි ෆ්ලැට් කරයි
09:37
Video thumbnail
ප්‍රසාද් සර් අදත් පාර්ලිමේන්තුව දෙවනත් කරයි
09:08
Video thumbnail
යට ඇඳුමේ හිල් තිබ්බට යන්නේ නම් V8 එකේ
03:11
Video thumbnail
ගුරුවරුන් කුපිත වී මහ පාරට බහියි..හිඟන දීමනාවත් එක්ක විභාග දෙපාර්තමේන්තුව වහන්න වෙන්නේ
05:04
Video thumbnail
ලැජ්ජා වෙන්න ඕනේ කයිවාරුකාරයෝ - අජිත්ට නහුතෙටම තදවෙයි
04:48
Video thumbnail
සහල් ආනයනය ගැන ප්‍රබල හෙළිදරව්වක්..මේක බරපතළ කොල්ලකාරි ආනයනයක්
05:50
Video thumbnail
මේ බූරු කුට්ටමේ ඔක්කෝම ජෝකර්ලා - ගොන් ආතල් දෙන්න එපා
12:39
Video thumbnail
මහින්ද රාජපක්ෂගේ නාමය බොරු චෝදනාවලින් නිදහස් කරන්න
13:08