විපක්ෂ නායකගෙන් අවුරුද්දට සුබ පැතුමක්

අලුත් අවුරුද්ද සමාජ සම්බන්ධතා වැඩිදියුණු වීමටත් පැරණි සිරිත් විරිත් නොනැසී ඉදිරියට පවත්වා ගැනීමටත් එකිනෙකා අතර අන්‍යොන්‍ය විශ්වාසය වැඩිදියුණු වීමටත් ඉවහල් වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

අලුත් අවුරුද්ද වෙනුවෙන් ඔහු නිකුත් කළ සුබපැතුම් පණිවිඩයේ සඳහන් වන්නේ වසර කිහිපයක් මුළුල්ලේ ලක්වාසී ජනතාවට අලුත් අවුරුදු උදා වූයේ අභියෝග රැසක් මධ්‍යයේ වුවත් සමස්ත ජනතාවගේ එකම බලාපොරොත්තුව වන්නේ රටට, ජනතාවට සෞභාග්‍යය හා නීරෝගිමත්භාවය ප්‍රාර්ථනා කිරීම බවයි.

ස්වයංපෝෂිත ආර්ථික රටාවක් පැවති රට මේ වන විට කඳුළු සලන පාරාදීසයක් බවට පත්ව ඇති අතර පවුලේ සියලු දෙනා එක්ව සතුටින් සාමයෙන් සහ සැනසිල්ලෙන් අලුත් අවුරුද්ද සැමරීමේ අවස්ථාව පවා වසර කිහිපයක සිට අහිමි වී ඇතැයි ඔහු පෙන්වා දෙනවා.

අපේ රටේ ජනතාවගේ සාමාන්‍ය ජීවන තත්ත්වයට අසාමාන්‍ය ලෙස අභියෝග පැමිණ ඇති අතර මේ අන්ධකාර සමය නිමා වී, වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සෞභාග්‍ය සම්පන්න දීප්තිමත් අනාගතයක් උදෙසා අධිෂ්ඨානශීලීව පෙළ ගැසීමේ ශක්තිය රටේ සමස්ත පුරවැසි පරපුරට ලැබේවායි ප්‍රාර්ථනා කරන බවයි විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළේ.

Sajith Prema Dasa scaled


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14