විපක්ෂයේ සියලු පක්ෂ දැන් එක්ව ඉදිරියට යා යුතුයි – හිටපු ජනපති රනිල් (වීඩියෝ)

විපක්ෂයේ සියලු පක්ෂ දැන් එක්ව ඉදිරියට යා යුතු බව හිටපු ජනාධිපති, එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ පවසනවා.

“එකට සිටගමු” මැයෙන්, එක්සත් ජාතික පක්ෂයේ 79 වැනි සංවත්සර සැමරුමට එක්වෙමින් හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

මෙහිදී අදහස් දක්වමින් හිටපු ජනධිපතිවරයා පැවසුවේ බංකොලොත් වී තිබූ රට, තමා ජනාධිපති ධුරයෙන් ඉවත්වන අවස්ථාවේ දී, ඇමරිකානු ඩොලර් බිලියන 22 කින් ආර්ථිකය වර්ධනයකර අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාට භාරදී ගිය බවයි.

එමෙන්ම මේ වනවිට පවතින ඒකාධිපතිවාදය, බහු පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදයට විශාල තර්ජනයක් වී ඇති බවයි ඔහු සඳහන් කර සිටියේ.

විපක්ෂයේ නායකයින් නිශ්ශබ්ද කර ආණ්ඩුව ඒකාධිපතිවාදය ගොඩනැගීමට කටයුතු කරන බවත් හිටපු ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
13
+1
0
+1
0
+1
1
+1
5
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?