spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

විදේශ සේවා නියුක්ති කාර්යාංශය මහජනතාවගෙන් කළ ඉල්ලීම

අම්පාර හා කල්මුණේ නගරවල වලංගු බලපත්‍රයක් නොමැතිව පවත්වාගෙන ගිය ව්‍යාජ එජන්සි ආයතන දෙකක් වටලා සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අම්පාර, බුද්ධංගල පාරේ ස්ථානයක පවත්වාගෙන ගිය එච්.ආර්.මැනේජ්මන්ට් සර්විසස් යන නමින් එක් ආයතනයක් පවත්වාගෙන ගොස් ඇති අතර, එම ස්ථානය වටලා එහි හිමිකරු හා නඩු භාණ්ඩ ලෙස විදේශ ගමන් බලපත්‍ර 17ක්, විදේශ රැකියා අයදුම්පත්, නාමපුවරු බැනර් ඇතුළු ලේඛන රැසක් සිය නිලධාරීන් භාරයට ගත බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේ.

විදේශ සේවා නියුක්ති කාර්යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ විදේශ රැකියා සඳහා යාමට විශාල පිරිසක් පෙළඹී පසුබිමක, විදේශ රැකියා ලබා දෙන බව පවසා වංචනික අයුරින් මුදල් ලබාගන්නා ඒජන්සි ආයතන හා පුද්ගලයින් පිළිබඳව විශාල වශයෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයට තොරතුරු ලැබෙමින් පවතින බැවින් යම් පුද්ගලයෙකුට හෝ ඒජන්සි ආයතනයකට විදේශ ගමන් බලපත්‍රය හෝ මුදල් ලබාදීමට පෙර විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ 1989 ක්ෂණික ඇමතුම් අංකයට ඇමතීමෙන් අදාළ රැකියා නියෝජිත ආයතනයේ නීත්‍යානුකූලබව තහවුරු කර ගන්නා ලෙසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?