විදේශ රැකියා අපේක්ෂිතයින්ගේ සුදුසුකම්, රැකියා අවස්ථා සමග සම්බන්ධ කරන වැඩසටහන ජනගත කෙරේ

විදේශ රැකියා සදහා පිටත්වීටමට අපේක්ෂිත ශ්‍රමිකයින්ගේ සුදුසුකම්, රැකියා අවස්ථාවන් එකිනෙකට සම්බන්ධ කරනු ලබන අන්තර්ජාලය පදනම් කරගත් වැඩසටහනක් (IGRS) සංක්‍රමණය පිළිබද ජාත්‍යන්තර ආයතනයේ සහාය ඇතිව ආරම්භ කර තිබෙනවා.

කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර සහ සංක්‍රමණය පිළිබද ජාත්‍යන්තර ආයතනයේ ආසියානු පැසිපික් කලාපීය අධ්‍යක්ෂ Sarah Lou Arriola අතිනුයි එම වැඩසටහන යාපනය මුට්‍රවේලි ක්‍රීඩාංගනයේදී පැවති ග්ලෝකල් ෆෙයාර් 2023 දී එය එළි දක්වනු ලැබුවේ.

කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සහ සංක්‍රමණය පිළිබද ජාත්‍යන්තර ආයතනය එක්ව අන්තර්ජාලය පදනම් කරගත් මෙ වැඩසටහන සකස් කර තිබෙනවා.

මෙම වැඩසටහන අනුව විදේශ රැකියා සදහා පිටත්ව යාමට අපේක්ෂිත ශ්‍රමිකියන්ගේ සුදුසුකම් සහ විදේශ රැකියා අවස්ථාවන් සදහා අවශ්‍ය කරනු ලබන සුදුසුකම් සමපාත කිරීමට කටයුතු කරනු ලබන අතර, රැකියාවක් සදහා අවශ්‍ය සුදුසුකම් සම්පූර්ණ කර නොමැති රැකියා අපේක්ෂිතයින් වෘත්තීය පුහුණු ආයතනවලට යොමු කිරීමට අවශ්‍ය පියවර ගැනීමටද නියමිතයි.

ලෝකයේ වැඩිම ශ්‍රමික ඉල්ලුමක් සහිත ක්ෂේත්‍ර විස්සක් මූලික අදියරේදී මේ යටතට ඇතුළත් කරනු ලැබ තිබෙනවා.

ඒ අතරම පළමු අදියරේදී විදේශ රැකියා අපේක්ෂිත රාජ්‍ය අංශයේ සේවකයින්ට රැකියාවක් සඳහා අවශ්‍ය කරනු ලබන සුදුසුකම් සම්පූර්ණ කරගැනීමට අවශ්‍ය මගපෙන්වීම ලබාදීමට නියමිතයි.

මෙම වැඩසටහන ජනගත කිරීමේ අවස්ථාවට සංක්‍රමණය පිළිබද ජාත්‍යන්තර ආයතනයේ මෙරට ප්‍රධානී සරත් දාස් මහතාද එක්ව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
1
+1
1
+1
0
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34