විදේශීය දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

විශේෂ කාර්ය බලකාය රත්ගම කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ගාල්ල ප්‍රදේශයේ නිවසක දී වැටලීමක් සිදුකර ඇත.

එහි දී තීරු බදු නොගෙවා මෙරටට ගෙන්වන ලද මැන්චෙස්ටර් වර්ගයේ විදේශිය දුම්වැටි 1,180 ක් සන්තකයේ තබාගෙන සිටි මකුළුව, 01 පටුමඟ, ගාල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 38 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ගාල්ල මුලස්ථාන පොලිස් ස්ථානය වෙත භාර දී තිබේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?