රටේ පවතින දේශපාලන ස්ථාවරත්වය හා ජනපති ප්රමුඛ රජයේ ආර්ථික වැඩපිළිවෙළ ආයෝජකයින් රටට ඇදී ඒමට ඍජුව බලපා තිබෙන බවත් මේ වනවිට රටේ ක්‍රියාත්මක වෙමින් තිබෙන ඝාතන සංස්කෘතිය හා අපරාධ රැල්ල කඩිනමින් පාලනය නොකළහොත් එය විදේශීය ආයෝජන කෙරෙහි අයහපත් ලෙස බලපානු ඇති බවත් ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිළුම් අමුණුගම පවසයි.
මහනුවර දි මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් රාජ්‍ය ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේය.
ආයෝජන මණ්ඩලයට රුපියල් බිලියනක ආයෝජන ඉලක්කයක් රජය මේ වසරේ ලබා දී තිබෙන බවත් එය බිලියන දෙකක් දක්වා වූ අගයක් කරා ගෙන යෑමට හැකි වෙතැයි අපේක්ෂා කරන බවත් ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිළුම් අමුණුගම මහතා කීය.
මේ වනවිට රුපියල් මිලියන 701 ක ආයෝජන ඉලක්ක සපුරා ගනිමින් අදාළ මුදල් රටට ගෙනවිත් තිබෙන බවත් ආර්ථික කඩා වැටීමත් සමග පසුගිය කාලයේ දී අත්සන් කිරීමට නියමිතව තිබූ ගිවිසුම් 30-40 ක ප්‍රමාණයක් ආයෝජකයින් විසින් අත්හිටුවා තිබූ බවත් කී ඒ මහතා රට ස්ථාවර මට්ටමකට පත්වෙන බවට විශ්වාසයක් තබා ඔවුන් නැවත ගිවිසුම් ගතවීමට කැමැත්ත පළකර තිබෙන බව ද අවධාරණය කළේය.
තවත් මිලියන 250 ක හා 280 ක ගිවිසුම් අත්සන් කිරීමට නියමිතව තිබෙන බවත් ඒ අනුව මෙම වසරේ දී බිලියනයේ ඉලක්කය පසුකර බිලියන දෙකක ඉලක්කයක් වෙත ළඟා වීමේ හැකියාව තිබෙන බවත් අමුණුගම පැවසීය
ජත්යන්නර අරමුදල පසුවන්නේ ආයෝජකයින්ට සහන නොදිය යුතුය යන ස්ථාවරයේ වුවත් ආයෝජකයින් ආකර්ෂණය කර ගැනීමට නම් යම් ප්‍රමාණයකට හෝ සහන දිය යුතුය යන මතයේ ජනපති ප්රමුඛ රජය පසුවන බවත් අදාළ සහන ලබාදීම සිදු කරන්නේ කොයි ආකාරයට ද යන්න පිළිබඳව සොයා බලමින් සිටින බවත් ඇමැතිවරයා පැවසුවේය.
කොළඹ වරාය නගරය ආයෝජකයින්ට හදුන්වා දීමේ වැඩසටහනක් හිටපු අගමැති ජේම්ස් කැමරන් මහතා ගේ ප්‍රධානත්වෙයන් අද (26) අබුඩාබි හා ඩුබායි වල සිදු කරන බවත් මේ වනවිට ඩුබායි හා අබුඩාබි හි වෙනත් ආයෝජන සමුළු කිහිපයක් පැවැත්වෙන බැවින් ඔවුන්ව ද මෙම වැඩසටහන් වලට කැඳවා තිබෙන බවත් කී අමුණුගම මහතා මේ වනවිට ආයෝකයෙකුට වරායේ නගරයේ වැඩ ආරම්භ කිරීමට අවශ්‍යය නීති රාමුව සකස් වී ඇතැයි ද අවධාරණය කළේය.




