විදේශීකයෙකුගෙන් මුදල් සොරකම් කල පුද්ගලයකු අත්අඩංගුවට

වස්කඩුවේ සංචාරක හෝටලයක නවාතැන් ගෙන සිටී ඉන්දියන් ජාතිකයෙක්ට අයත් මුදල් සොරකම් කල පුද්ගලයකු අද පස්වරුවේ අත්අඩංගුවට ගත්බව කළුතර උතුර පොලිසිය පවසනවා.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වස්කඩුව ප්‍රදේශයේ පදිංචි 29 හැව්රිදි පුද්ගලයකු බවත් , සොරකම් කල මුදලින් කොටසක් නිවසේ මෙට්ටයක් අස්සේ සගවා තිබියදී සොයාගත් බවත් පොලිසිය පැවසීය.

මන්ගේෂ් හර්ෂන් පටේල් නැමැති 47 හැව්රිදි ඉන්දියානුවෙක් විසින් කල පැමිණිල්ලක් අනුව සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

සංචාරයක් සදහා පසුගිය 12 දා දිවයිනට පැමිණ හෝටලයේ නවාතැන් ගෙන සිටියදී කාමරය තුල ගමන් මල්ලේ තිබූ ඇමරිකන් ඩොලර් 259 ක්, ඉන්දියන් රුපියල් 500 ක් සහ ලංකා රුපියල් 17,000 ක් සොරකම් කර ඇති බව සදහන් වේ.

සැකකරු කළුතර මහේස්ත්‍රාත් අධ්කරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූණි .

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?