AFC Banner
Empty Ad
Empty Ad

විදේශිකයන්ට නවසීලන්තය සම්පූර්ණයෙන්ම දොර වහයි

කොවිඩ් වසංගතයට තිරසාර ඖෂධයක් හෝ එන්නතක් සොයා ගන්නා තුරු තම රට විදේශිකයන්ට හා සංචාරකයින්ට ඇතුළුවීම තහනම් කරනු ලබන බව නවසීලන්ත අගමැතිනි ජසින්ඩා ආඩර්න් විසින් එරට මාධ්‍ය අමතමින් ප්‍රකාශ කර ඇත.

මෙම තහනම නවසීලන්තයේ වෙසෙන විදේශිකයන්ට හා එරට වැසියන්ට බලනොපානු ඇත.

“නවසීලන්තය සාමාන්‍ය තත්වයට පත්වූවා යැයි සැලකිය හැක්කේ සමස්ථ ලෝකය සාමාන්‍ය තත්වයට පත්වූ දිනට පමණයි. දැනට ලෝකය පුරා පවතින වසංගත තත්වය පිළිබඳව විමසා බලද්දී හා ජාත්‍යන්තර තලයේ එන්නත් සම්බන්ධයෙන් ඇති අවිනිශ්චිතභාවයත් නිසා බොහෝ විට 2021 වර්ෂයේ විශාල කාලයක් පුරා රටේ ගුවන් සීමා වසා දැමීමට රජය තීරණය කළා. ආර්ථික අරමුණු වලට වඩා සමස්ථ ජනතාවගේ ආරක්ෂාව හා සෞඛ්‍යය වඩා වැදගත් ” යයි ඇය වැඩිදුරටත් පැවසුවාය.

මාස දෙකකට පසු පළමු කොවිඩ් රෝගියා පසුගිය සති අන්තයේදී සොයාගත් පසු රජය මෙම තීරණය ගත් බව නවසීලන්තයේ වඩාත් ජනතා ගෞරවයට පත් රාජ්‍ය නායිකාව ලෙස සැලකෙන අගමැතිනි ජසින්ඩා ආඩර්න් (Jacinda Ardern) පවසන්නීය.

රෝගී බවට පත් වූ කාන්තාව දකුණු අප්‍රිකාවෙන් මතු වූ කොවිඩ් විභේදයෙන් අසාධ්‍ය තත්වයට පත් වූ රෝගියෙකු ලෙස හඳුනාගෙන තිබේ.

කොවිඩ් වසංගතය නිසා පිඩා විඳින අනෙකුත් රටවලට ආදර්ශයක් ලෙස නිරතුරුවම නවසීලන්තයට පැසසුම් හිමි වන අතර මේ වනවිට එරටින් මියගිය සංඛ්‍යාව 25 දෙනෙකු වන අතර රෝගය වැළඳුනු ප්‍රමාණය 2000ක් ලෙස වාර්තා වේ.

ලොව රටවල් අතර කොරෝනා පාලනය කළ හොදම රට ලෙස අභිෂේක ලබා ඇත්තේද නවසීලන්තයය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?