විදේශිකයන්ට නවසීලන්තය සම්පූර්ණයෙන්ම දොර වහයි

කොවිඩ් වසංගතයට තිරසාර ඖෂධයක් හෝ එන්නතක් සොයා ගන්නා තුරු තම රට විදේශිකයන්ට හා සංචාරකයින්ට ඇතුළුවීම තහනම් කරනු ලබන බව නවසීලන්ත අගමැතිනි ජසින්ඩා ආඩර්න් විසින් එරට මාධ්‍ය අමතමින් ප්‍රකාශ කර ඇත.

මෙම තහනම නවසීලන්තයේ වෙසෙන විදේශිකයන්ට හා එරට වැසියන්ට බලනොපානු ඇත.

“නවසීලන්තය සාමාන්‍ය තත්වයට පත්වූවා යැයි සැලකිය හැක්කේ සමස්ථ ලෝකය සාමාන්‍ය තත්වයට පත්වූ දිනට පමණයි. දැනට ලෝකය පුරා පවතින වසංගත තත්වය පිළිබඳව විමසා බලද්දී හා ජාත්‍යන්තර තලයේ එන්නත් සම්බන්ධයෙන් ඇති අවිනිශ්චිතභාවයත් නිසා බොහෝ විට 2021 වර්ෂයේ විශාල කාලයක් පුරා රටේ ගුවන් සීමා වසා දැමීමට රජය තීරණය කළා. ආර්ථික අරමුණු වලට වඩා සමස්ථ ජනතාවගේ ආරක්ෂාව හා සෞඛ්‍යය වඩා වැදගත් ” යයි ඇය වැඩිදුරටත් පැවසුවාය.

මාස දෙකකට පසු පළමු කොවිඩ් රෝගියා පසුගිය සති අන්තයේදී සොයාගත් පසු රජය මෙම තීරණය ගත් බව නවසීලන්තයේ වඩාත් ජනතා ගෞරවයට පත් රාජ්‍ය නායිකාව ලෙස සැලකෙන අගමැතිනි ජසින්ඩා ආඩර්න් (Jacinda Ardern) පවසන්නීය.

රෝගී බවට පත් වූ කාන්තාව දකුණු අප්‍රිකාවෙන් මතු වූ කොවිඩ් විභේදයෙන් අසාධ්‍ය තත්වයට පත් වූ රෝගියෙකු ලෙස හඳුනාගෙන තිබේ.

කොවිඩ් වසංගතය නිසා පිඩා විඳින අනෙකුත් රටවලට ආදර්ශයක් ලෙස නිරතුරුවම නවසීලන්තයට පැසසුම් හිමි වන අතර මේ වනවිට එරටින් මියගිය සංඛ්‍යාව 25 දෙනෙකු වන අතර රෝගය වැළඳුනු ප්‍රමාණය 2000ක් ලෙස වාර්තා වේ.

ලොව රටවල් අතර කොරෝනා පාලනය කළ හොදම රට ලෙස අභිෂේක ලබා ඇත්තේද නවසීලන්තයය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.11
00:00
Video thumbnail
තොරණ් සහ වෙළෙඳසැල් කුඩු කරගෙන පලා ගිය වෑන් රථය - තොරණ් දෙකක් සහ වෙළෙඳසැල් දෙකක් විනාශයි
01:00
Video thumbnail
"සැලැස්ම පැහැදිලියිනේ දැන්.. ඔන්න පොලිස් බුද්ධි අංශයේ වැඩ"
00:25
Video thumbnail
මිග් යානා සිද්ධියට ප්‍රකාශයක් දෙන්න ගෝඨාභය FCIDයට එයි
01:12
Video thumbnail
5 දෙනෙක් රෝහලට යැවූ බිහිසුණු ලොරි - බස් අනතුර.. අනතුරට මුහුණ දුන් මිනිස්සු කිව්ව දේ
01:51
Video thumbnail
"ඔයා මොකක්ද අනේ හැමදාම මස්තබාල්දුව දානවා"
00:15
Video thumbnail
බිමල් - චාමර පාර්ලිමේන්තුවේ පැටලෙයි - මම දන්නෙත් නෑ හොයන්නෙත් නෑ අදාලත් නෑ
06:51
Video thumbnail
චාමර උදෙන්ම පාර්ලිමේන්තුවේ යකා නටයි - කථානායක හැමදාම මස්ත බාල්දුව දාන්න එපා
03:11
Video thumbnail
කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය ගැන අජිත් කට අරියි - ඇයි 2026 කරපු ආයෝජන අඩුවෙලා ?
07:35
Video thumbnail
මනුෂ්‍ය ඝා#තනයක් කළ පුද්ගලයෙක්ට වසර 11කට පසු ම#ණ දඬුවම
01:04